Latestදේශීය

 තර්ස්ටන් ඉසිපතන මහ සටන ජය පරාජයෙන් තොරයි

ඊයේ සහ අද තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවති මහා ක්‍රිකට් සටන කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ජයපරාජයෙන් අවසන් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් තර්ස්ටන් කණ්ඩායම සියළුදෙනා දැවී ලකුණු 186ක් ලබාගත් අතර එහිදී තනූජ රාජපක්ෂ ලකුණු 56ක් සහ උෂාන් ඉමේෂ් ලකුණු 57 ක් ලබා ගනිමින් තම කණ්ඩායම වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකළා.

පන්දු යැවීමේදී සහන් විරාජ් ලකුණු 44ට කඩුළු 5ක් දවාගත් අතර නායක නවීන් කනිෂ්ක ලකුණු 32ට කඩුළු 3ක් දවාගත්තා.

පිළිතුරු ඉනිමේදී ඉසිපතන කණ්ඩායම ලකුණු 211ට සියළුදෙනා දැවී ගියේ තර්ස්ටන් විද්‍යාලයට වඩා පළමු ඉනිමේ ලකුණු 24ක් ඉදිරියට තබා ගනිමින්.

ඉසිපතන කණ්ඩායම වෙනුවෙන් තරුෂ්ක අෂේල් සහ යසිත් කළුපහන අර්ධ ශතක ලබාගත්තා.පන්දු 49ට මුහුණ දුන් තරුෂ්ක අෂේල් ලකුණු 72ක් ලබාගත් අතර එයට හතරේ පහර 6ක් ඇතුළත් වුණා. කළුපහන තම ලකුණූ 51 සඳහා හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් වාර්තා කළා.

පන්දු යැවීමේදී තර්ස්ටන් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ විහස් තෙව්මික ලකුණු 67ට කඩුළු 7ක් ලබාගත්තා.

තරගය අවසන් වනවිට සිය දෙවන ඉනිම සඳහා ලකුණු රැස්කරමින් සිටි තර්ස්ටන් කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 140 ක් ලබාගෙන තිබුණා. එහිදී නායක ශානික්‍ය දේශප්‍රිය නොදැවී ලකුණු 53ක් ලබාගෙන සිටියා.එම ලකුණු 53 පන්දු 42ක  දී ලබාගත් අතර එයට හතරේ පහර 9ක් ඇතුළත් වුණා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?