Latestදේශීය

මිනිස්සුන්ට මැතිවරණ අවශ්‍ය නෑ කියලා ඔප්පු වුනා – නිමල් ලංසා

‘රටේ ජනතාව මේ වෙලාවේ මැතිවරණයක් ඉල්ලන්නෙ නැහැ. මන්ත්‍රීවරු අඩු කරලා, දීමනා අඩු කරලා, වරප්‍රසාද අඩු කරලා, රටේ ආර්ථිකය හදන්න කියලයි ජනතාව ඉල්ලා සිටින්නේ’ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ පාර්ලිමේන්තුවේ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

”මැතිවරණ දියවු දියවු කිව්වට මැතිවරණ කොමිසමේ සභාපති නීත්‍යානූකූලව වැඩ කරලා නැතිනම්, ව්‍යවස්ථානූකූලව වැඩකරලා නැතිනම් මැතිවරණයක් පවතින්න විදියක් නැහැ. මෙතන කෑ ගහන්නේ නැතිව මැතිවරණ කොමිසන් සභාව ඉදිරියට ගිහින් මැතිවරණය දියවු කියන්න. එතකොට මැතිවරණ කොමිෂන් සභාව නීත්‍යානූකූළව මැතිවරණය දෙයි. අපි මැතිවරණය තියෙනවට කැමතියි. මැතිවරණය තියන්න ඕනේ. මැතිවරණ තියන්න පුලුවන් කාලයක්ද මේ තියෙන්නෙ.

බලන්න මේ රටේ ආර්ථිකය වැටිලා. මන්ත්‍රීවරු 8000 ක් පත් කරන්න කියලා මේ කියන්නේ. රටේ ජනතාව ඉල්ලන්නේ මොකක්ද මන්ත්‍රීවරු අඩු කරන්න. දීමනා අඩු කරන්න. වරප්‍රසාද අඩු කරන්න කියලා. මන්ත්‍රීවරු 8000 ක් පත්කරන්න කියලා විපක්ෂය කෑ ගහනවා. රටේ ආර්ථිකය වැටිලා තියෙද්දි, රට අමාරු තත්ත්වයක් තියෙද්දී මොකටද මන්ත්‍රීවරු 8000 ක් පත්කරන්නේ.

පැහැදිලිව කියන්න ඕනේ රට තියෙන්නේ සාමන්‍ය තත්ත්වයක නෙමේ. රට ආර්ථික වශයෙන් අමාරු තත්ත්වයක තියෙන්නේ. ජනාධිපතිතුමා පත්වෙද්දි විදුලිය තිබුනෙ නැහැ. ගෑස් තිබුනෙ නැහැ. ගෑස් ගන්න පෝලිම් වල හිටියේ. කිරිපිටි ටික නැහැ. බෙහෙත් ටික නැහැ. ජනාධිපතිතුමා ආවට පස්සේ ඉතා අමාරුවෙන් ජනතාවගේ අවශ්‍යතා ටික සපයගෙන යනවා. එහෙම කරගෙනන යනකොට තමා විපක්ෂයේ මන්ත්‍රීවරු ටික 8000 ක් මන්ත්‍රීවරු පත්කරන්න කියන්නේ. රටේ මහජනතාව ඉල්ලනවද මන්ත්‍රීවරු 8000 ක් පත්කරන්න කියලා. මහජනතාව ඉල්ලන්නේ නැහැ ජන්දයක්.

ජන්දය සම්බන්ධයෙන් තිබුනනෙ කොළඹ වටලන්න රැස්වීමක්. කොළඹ වටලනවා තියා තමුන්ගේ වටේවත් වටලගන්න සෙනග ආවේ නැහැ. මොකද මිනිස්සු මැතිවණ ඉල්ලලන්නෙ නෑහැ. මැතිවරණ ඉල්ලන්නේ මේ රටේ දේශපාලන පක්ෂ විතරයි. මේ මැතිවරණය විකෘති මැතිවරණයක්.

ජනතාව කියන්නේ මොකක්ද ජනතාවගේ දීමනා අඩුකරන්න, නිල වාහන අඩුකරන්න, මන්ත්‍රීවරු අඩුකරන්න කියලා. එහෙම නැතිව මන්ත්‍රීවරු 8000 ක් ඉල්ලන්නේ නැහැ. පාර්ලිමේන්තුවට පනතක් ඇවිල්ලා තියෙනවා මන්ත්‍රීවරු 4000 ට අඩු කරන්න. අන්න ඒකට විපක්ෂය අත උස්සන්න.

ජනතාව ඉල්ලන්නේ උද්ධමනය අඩු කරලා දෙන්න. ආදායම වැඩිකරලා දෙන්න. බෙහෙත් ටික දෙන්න. ප්‍රවාහන වියදම් අඩු කරලා දෙන්න. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා මැතිවරණ වියදම් පාලනය කිරීමේ පනත, මන්ත්‍රීවරු අටදහස, හාරදහස කිරීමේ පනත. තරුණ නියෝජනය ලබා දීමේ පනත. පනත් 3 ක් තියෙනවා. ඒ පනත් තුනම සම්මත කරලා. මේ රටේ ආර්ථිකය හදන්න ඕනේ.

මැතිවරණ කොමිෂන් සභාව අලුතින් පත්කරලා මැතිවරණය තියන්න කියලා අපි කියන්නේ නැහැ. මැතිවරණය තියන්න අපි කැමතියි. පරමාධිපත්‍ය බලය ජනතාවට දෙන්න ඕනේ. හැබැයි මැතිවරණය කොමසාරිස් නීත්‍යානූකූලව මැතිවරණය නිවේදනය කරන්න ඕනේ. මැතිවරණ කොමසාරිස් නීත්‍යානූකූලව මැතිවරණය නිවේදනය කරන්නෙ නැතිව මෙතන කෑගැහැව්වට වැඩක් නැහැ. රටක නීතියක් තියෙනවා. පාර්ලිමේන්තුවේ අන පණත් තියෙනවා. ව්‍යවස්ථාවක් තියෙනවා. ව්‍යවස්ථාව අනුව වැඩ කරන්න. බොරුවට කෑ ගැහැව්වට මැතිවරණ හම්බවෙන්නේ ,නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිට මැතිවරණය කරන්න බැරිනම් එතුමන්ට පුලුවන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ තීන්දුවක් අරන් දෙන්න කියලා කථානායකට කියන්න.

අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද අපේ රටේ ආර්ථිකය ඉතාමත් අමාරු තත්ත්වයක තියෙන්නේ. ඒනිසා පරණ දේශපාලන පක්ෂ, පරණ වැඩකරපු විදියට වැඩ කරන්නේ නැතිව යථාර්ථය තේරුම් අරගෙන මේ රටේ ආර්ථිකය ගොඩගන්න වැඩ කරන්න ඕනේ. එහෙම නැතිව හැම එකටම විරුද්ධ වෙලා වැඩකරලා වැඩක් නැහැ. රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා ආර්ථිකය පිළිබදව. අද ආදායම මදි තියෙන වියදම ගෙවන්න. වැටුප් ගෙවන්න, සහනාධාර, පුනරාවර්තන වියදම් කරන්න. ආදායම රුපියල් 1000 ක් හම්බවෙනකොට වියදම 3500 ක් තියෙනවා. මොකක්ද විපක්ෂය කියන්නේ. ආදායම වැඩි කරන ක්‍රමය කියන්න. වියදම අඩු කරන ක්‍රමය කියන්න. එහෙම කියන්නෙත් නැහැ. දියවු, දියවු කියනවා. කොහොමද දෙන්නේ. දෙන්න තියෙනවනම් දෙනවා. දෙන්න පුලුවන් නම් විකල්පය කියන්න. ක්‍රමය කියන්න. වැඩපිළිවෙල කියන්න. නැතිව හන්දි ගානේ ගිහිල්ලා අපි ආපුවම අරවා කරනවා, මේවා කරනවා කිව්වට වැඩක් නැහැ. කරන ක්‍රමය, ක්‍රමවේදය කියන්න. එකම එක ප්‍රශ්නයයි තියෙන්නේ අපේ ආදායමින් වියදම කළමණාකරණය කරගන්න බැරි තත්ත්වයක් උදා වී තිබෙනවා යැයි” නිමල් ලාන්සා මහතා වැඩිදුරටත්ව පැවසීය.

– Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?