Latestදේශීය

විනිසුරුවන්ගේ බද්ද වළකන අතුරු නියෝගය දිගු කරයි

මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ වැටුපෙන් උපයනවිට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු නියෝගය ලබන මස පළමු වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (24) නියෝග කර තිබේ.

මෙම පෙත්සම සභාපති විනිසුරු ධම්මික ගනේපොළ සහ ඒ.එස්.ආර් මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, දිස්ත්‍රික්ක විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් අධිකරණ අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරී සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කාර විනිසුරුවරුන්ගේ වැටුපෙන් උපයන විට බද්ද අඩු කිරීමට දේශීය අදායම් දෙපාර්තමේන්තුව තීරණයක් කර ඇත. විනිසුරුවරුන්ගෙන් බදු අයකිරීම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි වේ. එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අදාල තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද එම තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර විනිසුරුවරුන් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා පෙනී සිටී.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?