Latestවිදේශීය

සංක්‍රමණික යාත්‍රා අනතුරකින් ළමුන් 12ඇතුළු 59ක් ජිවිතක්ෂයට

ඊයේ (26) අලුයම දකුණු ඉතාලි වෙරළ ආසන්නයේ යුරෝපයට සංක්‍රමණිකයන් රැගත් ඉතාලියේ සංක්‍රමණික යාත්‍රාවක් අනතුරකට ලක්වීමෙන් ළමුන් 12දෙනෙකු ඇතුළුව 59දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානය, ඉරානය සහ තවත් රටවල් කිහිපයක මිනිසුන් රැගත් තුර්කියේ සිට යාත්‍රා කර ඇති එම යාත්‍රාව, අනතුරින් පසුව සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු ඉතාලියට කැලබ්‍රියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දි සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළී ගොස් ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දී එහි මගීන් 200කට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති අතර අනතුරින් දිවි ගලවාගත් අයෙක් විදෙස් මාධ්‍ය වෙත විස්තර පවසා තිබේ.

මෙම යාත්‍රාව කැලබ්‍රියා හි වෙරළබඩ නගරයක් වන ක්‍රෝටෝන් අසළට පැමිණීමට උත්සාහ කිරීමේ දී යාත්‍රාව දෙකඩ වී ඇති අතර ඉතාලියේ ජනාධිපති Sergio Mattarella සඳහන් කළේ මෙම යාත්‍රාවෙන් ගමන් කරමින් සිට ඇත්තේ නීතිවිරෝධී ලෙස පලා යමින් සිටි සංක්‍රමණිකයින් පිරිසක් බවය.

බොහෝ මළසිරුරු වෙරළට ගොඩගසා ඇති අතර මියගියවුන් අතර මාස කිහිපයක බිළිඳෙකුද සිටී.

මෙම යාත්‍රාව ඇෆ්ගනිස්තානය, සෝමාලියාව, පාකිස්ථානය සහ ඉරානය ආදී රටවල මගීන් පිරිසක් සිට ඇති බව AFP පුවත් සේවය සඳහන් කරයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?