Latestදේශීය

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටුවයි 

මැතිවරණ දිනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්වය හේතුවෙන් මුද්‍රණයට අවශ්‍ය පහසුකම්  නොලැබීම නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ මුද්‍රණාලය පවසනවා. 

එමෙන්ම දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා සුරක්ෂිතව තබා ඇති බව ද ඔවුන් සඳහන් කරනවා. 

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් ආරක්ෂාව ි නොමැතිවීම මුදල් ලබා නොදීම ඇතුළු කාරණා හේතුවෙන් පසුගිය කාලයේ  පත්‍රිකා මුද්‍රණයට බාධා ඇති විය. 

අවශ්‍ය සියලුම පහසුකම් ලබා දෙන්නේ නම් දින 25 ත් 30 ත් අතර කාලයකදී සියලු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කිරීමට තම ආයතනයට හැකියාව පවතින බවද රජයේ මුද්‍රණාලය වැඩිදුරටත් සඳහන් කරනවා. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?