Latestදේශීය

ඩෙංගු අවධානම ඉහළ යයි 

මේ දිනවල යලිත් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන්  වාර්තා වන අතර පුත්තලම, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්  වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. 

කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල, පිළියන්දල, රත්මලාන, ගොතටුව, මහරගම යන ප්‍රදේශවල වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ඉන්දික විරසිංහ මහතා සඳහන් කරන්නේ. 

මේ වසරේ ගත වූ කාලසීමාව තුල පමණක් ඩෙංගු රෝගීන් 11,184 ක් වාර්තා වී ඇත. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?