Latestදේශීය

පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ සිසුවියක් මරුට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් මානසික ආතතිය සඳහා ලබා ගන්නා ඖෂධ අධි මාත්‍රාවක් ලබා ගැනීම හේතුවෙන් ඊයේ (01) පෙරවරුවේ මියගිය ගොස් ඇති බව වාර්තා වේ.

කුරුණෑගල පදිංචි විනෝදි වින්ද්‍යානි ද සිල්වා නැමැති සිසුවියකි මෙසේ මිය ගොස් ඇත. ඇය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියක වන අතර කලක පටන් මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන තිබෙන බව වාර්තා වේ.

මෙම සිසුවිය ඉංජිනේරු පීඨයේ 2017 කණ්ඩායමට අයත් සිසුවියක් වන අතර එම කණ්ඩායමේ සිසුන් තිදෙනකු මීට පෙර සියදිවි හානි කරගෙන තිබෙන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සදහන් කරයි.

පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?