Latestදේශීය

Tik Tok යෙදවුම භාවිතය සීමා කෙරේ

වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයන් සඳහා Tik Tok යෙදවුම භාවිතය දිනකට පැයක් ලෙස සීමා කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයන් දෛනිකව විශාල කාලයක් Tik Tok වෙත ඇබ්බැහි වීම සීමා කිරීමේ අරමුණෙන්  මෙම පියවර ගෙන ඇති බවයි.

 ඒ අනුව ඉදිරියේ දී වයස අවුරුදු 18ට අඩු පරිශීලකයෙකුට ලබාදී ඇති කාලයට වඩා වැඩි කාලසීමාවක් Tik Tok පරිශීලනය කිරීමට අවශ්‍ය නම් මුරපදයක් ඇතුළු කිරීමට සිදුවේ.

 මේ අතර පර්යේෂකයින් පෙන්වා දෙන්නේ ඇමරිකාවෙන් මෙන්ම එක්සත් රාජදානියේ ද වයස අවුරුදු දාහතරක් ,විසි හතරක් දක්වා වූ පිරිස් Tik Tok යෙදවුමට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවයි .මේ සම්බන්ධයෙන් මේ වන විට ඇතැම් රටවල සංවාදාත්මක තත්ත්වයක් හටගෙඇත.

මේ අතර කැනඩාව ද Tik Tok යෙදවුම තහනම් කිරීමට තීරණය කරනු ලැබුවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?