Latestදේශීය

ජාත්‍යන්තර වනජීවි දිනය අදයි

ජාත්‍යන්තර වනජීවි දිනය අදට(03).යෙදී ඇත. “වනජීවී සංරක්ෂණය සඳහා හවුල්කාරිත්වය” යන්න මෙවර එහි තේමාවයි.

මිහිකත සුන්දරත්වය වර්ණවත් කරන ජීවීන්, මානවයා ලොව පහළ වීමට පෙර සිටම පෘථිවියේ උරුකමරුවන්ව සිටි වන ජීවීන් රැක ගැනීම සමස්ත මානව ප්‍රජාවේ වගකීමකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් එම වගකීම සිහි ගන්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් ලෝක වන ජීවී දිනය ප්‍රකාශයට පත් කර ඇත.

අතර වාසස්ථාන අහිමි වීම ප්‍රධාන කොටගෙන ජෛව විවිධත්වයෙන් අනූන මෙරට වන ජීවීන් ද මේ වනවිට බරපතළ ගැටලු රැසකට මුහුණු දි සිටියි.

වන ජීවීන් මුහුණ දෙන එම ගැටාලු සැලකිල්ලට ගනිමින් ආරක්ෂා කළ යුතු තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ 25කට අධික සංඛ්‍යාවක් මේ වනවිට වන ජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අතර කොටියා,වලසා,කොළ දිවියා,හඳුන් දිවියා,කැළෑ බළලා,කළු වඳුරා ,කල වැද්දා,රන් හෝතඹුවා,දිය බල්ලා,උණ හකුළුවා,හම්බාවා,කබැල්ලාවා,ඕලු මුවා,ගෝනා,මුහුදු ඌරා වැනි සතුන් වේ. 

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් සඳහන් කර සිටියේ ලෝකයේ පැවැත්මට වනජීවින් රැක ගැනීම සැමගේ වගකිමක් මෙන්ම යුතුකමක් වන නිසාවෙන් සතුන් රැක ගැනීමට ප්‍රජාවද සක්‍රීය දායකත්වයක් ලබා දිය යුතු බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?