Latestදේශීය

රුපියල ශක්තිමත් වෙමින් – රංජිත් සියඹලාපිටිය

රජය විසින් ගනු ලැබූ යහපත් ආර්ථික තීන්දු තීරණවල ප්‍රතිඵල ලෙස රුපියල ශක්තිමත් වෙමින් පවතින බව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි.

රජය ගත් ආර්ථික තීන්දු රටට යහපත් ලෙස බලපෑ ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා,(මාර්තු 02) මේ පිළිබඳ පෙන්වා දී ඇත. අමාත්‍යවරයා තවදුරටත්පෙන්වා දෙන්නේ රුපියල ශක්තිමත් වෙමින් පවතින්නේ රට තුළ ඇති දේශපාලන ස්ථාවරත්වය සහ සාමකාමී වතාවරණය මත බවයි.

2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඩොලර් බිලියන 1.7ක්ව පැවැති විදේශ සංචිත ප්‍රමාණය 2023 වසරේ පෙබරවාරි මාසයේ මුල් සතිය වන විට 23.5%ක වර්ධනයක් අත් කර ගනිමින් බිලියන 2.1ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එය ඩොලර් මිලියන 400ක වර්ධනයක් බවත් අමාත්‍යවරයා මෙම නිවේදනයෙන් පෙන්වා දෙයි.

සියලු දෙනාට බලපානු ලබන ආහාර උද්ධමනය 2022 වසරේ සැප්තැම්බර් මාසය වන විට 94.9%ක පැවති බවත්, එය 2023 ජනවාරි මාසය වන විට 60.1% දක්වා පහළ බැස ඇති බවත්,අමාත්‍යවරයා මෙමගින් පෙන්වාදෙයි.
2022 වසරේ සැප්තැම්බර් වන විට 29,802ක් ලෙස පැවැති සංචාරක පැමිණීම 261%ක වර්ධනයක් අත් කර ගනිමින් 2023 පෙබරවාරි වනවිට 107,639ක් ලෙස සටහන්ව ඇති බවත්, මේ සියල්ල සිදුව ඇත්තේ රජය විසින් ගනු ලැබූ ආර්ථික ප්‍රතිපත්තිමය තීන්දු තීරණ මත බවත්, අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙයි.

@Media Unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?