Latestදේශීය

අන්තරය නැවතත් දැවැන්ත විරෝධතාවයක

බදු බරට, ජීවත් වීමට නොහැකි අමානුෂික පාලනයට එරෙහිව මාර්තු මස 07 වන දින කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසනවා.

ක්‍රම වෙනසක්, සමාජ පරිවර්ථනයක් සදහා වන රැඩිකල් ප්‍රවේශයක් ගත යුතු බවත් ඒ සදහා රටේ දුක්විදින සුවහසක් අම්මලා තාත්තලා සමගින් උපරිම ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් මුදලිගේ මහතා වැඩිදුරටත් පවසනවා.

එළඹෙන 07 වනදා කොළඹට පැමිණීමට නොහැකි ජනතාවට තමන්ගේ ගමේ, නගරයේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග සදහා සම්බන්ධ විය හැකි බවත් එමෙන්ම බදු බරට, පීඩනයට එරෙහිව නිවස ඉදිරිපිට කළු කොඩියක් එසවීමෙන් තම විරෝධය ප්‍රකාශ කළ හැකි බවත් වසන්ත මුදලිගේ මහතා වැඩිදුරටත් පවසනවා.

මාධ්‍ය හමුවක් කැදවමින් මුදලිගේ මහතා මෙම අදහස් පලකළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?