Latestදේශීය

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය  තවදුරටත් ක්‍රියාත්මකයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් බදු පනතට එරෙහිව ආරම්භ කළ වැඩ වර්ජනය තෙවන දිනටත් ක්‍රියාත්මකවේ.

විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා සඳහන් කළේ එම වැඩවර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමේ කටයුතු අඩාල වී තිබෙන බවයි.

 වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව මගීන් පෙරේදා ආරම්භ කළ වැඩවර්ජනයට සමගාමීව විශ්වවිද්‍යාල ආචාර්යව විසින් වැඩ වර්ජනය ආරම්භ කළා.

 වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාව අසාර්ථක වූ බවයි. අනුව ලබන 13 වැනිදා සිට වෘත්තීය සමිති රැසක් විවිධ වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද සඳහන්.

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජයසිංහ මහතා සඳහන් කරන්නේ ලබන සඳුදා සිට පළාත් හතරක සිය වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?