Latestදේශීය

ප්‍රතිපත්ති පොලී අනුපාතය හා අනෙකුත් පොලී අනුපාතයන් පාලනය කරන්නේ රජය නොව, ශ්‍රී ලංකා මහ බැංකුවයි – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

ප්‍රතිපත්ති පොලී අනුපාතය හා අනෙකුත් පොලී අනුපාතයන් පාලනය කරන්නේ පවත්නා රජය නොව ශ්‍රී ලංකා මහ බැංකුව බවත්, පොලී අනුපාතය අඩුකිරීම හෝ වැඩි කිරීම මහ බැංකුවේ කටයුත්තක් බවත්, , ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (14) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී වර්ජනය කිරීමට නියමිත රජයේ සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අමාත්‍යවරයා ප්‍රශ්ණ කළ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එමෙන්ම විනිමය අනුපාතය, උද්ධමනය හා වෙළඳපොල හැසිරීම මත පදනම්ව පොලී අනුපාතය අඩුවැඩි වෙනවා මිස කිසිවකුගේ උවමනාවට පොලී අනුපාතය අඩුවැඩි කිරීමට නොහැකි බවත්, එවැන්නක් පාලනය කිරීමට රජයට බලහත්කාරය යොදනවා නම් එය හුදෙක් නොදැනුම්වත්කම නිසා බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.මේ මොහොතේදී උද්ධමනය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත්, අනාගතයේදී පොලී අනුපාතයද පහළට ගමන්කරනු ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?