Latestදේශීය

රට 88/89ක් කරන්න එපා – දෙවන පරපුර

‘අධ්‍යාපනය කඩන් වට්ටලා වරාය අකර්මණ්‍ය කරලා ඉල්ලීම් දිනා ගැනීම කෙසේ වෙතත් මේ හදන්නේ 88 89 ක් නැවත ලියන්න’ යයි දෙවන පරපුර සදහන් කරයි.

උවිදු විජේවීර මහතාගේ නායකත්වයෙන් යුතු එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් චේනක අබේසිංහ මහතා විසින් මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කරන ලදී.

අනීතික පාලකයා සමත් වෙලා තිබෙනවා මහජනතාව වෘත්තිකයන් පාරට ගෙන්වාගැනීමට ඔහුගේ බලාපොරොත්තුව 88 89 යුගයක් නැවත බිහි කර ගැනීමයි .

රට අකර්මණ්‍ය කරලා වරායේ වැඩ නවත්තලා අපට සතුටු වෙන්න බැහැ විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ අධ්‍යාපනය 100% කින් අඩපණ කලා කියලා අද වෘත්තීය සංගම් නායකයෝ සතුටින් ප්‍රකාශ කරනවා.

අපි කියනවා මේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වට්ටන්න එපා. සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් යාමේ අනතුරක් දැන් තියෙනවා. තවම උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ලකුණු ලබා දීලා ඉවර නැහැ. මෙහෙම ගියොත් විශ්වවිද්‍යාල පද්ධතියට සිද්ධ වෙච්ච දේම පාසල් පද්ධතියටත් සිද්ධ වෙනවා.

මේ අනීතික පාලකයා පන්නා දැමිය යුතුයි හැබැයි ඒ වෙනුවට පාසල් දරුවන් අපහසුතාවයට පත් නොකළ යුතුයි. අපි කියනවා මේ වෘත්තිය සංගම් වලට පාසල් තුළට දේශපාලකයන් සම්බන්ධ කර ගැනීම වර්ජනය කරන්න කිසිම උත්සවයකට ඔවුන්ට ආරාධනා කරන්න එපා. ඒ ආකාරයට ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්න වෛද්‍ය ක්ෂේත්‍රයට අපි කියනවා. රෝගීන් අපහසුතාවයට පත් නොකොට දේශපාලනඥයන්ට බෙහෙත් දෙන එක වර්ජනය කරන්න කියලා.

දෙවන පරපුර විදිහට පළාත් පාලන මැතිවරණයට තරග නොකළත් අපි කියනවා තවදුරටත් මේ මැතිවරණය කල් නොදමා අප්‍රේල් 25 වැනි දිනට මේ මැතිවරණය වහාම පවත්වා අවසන් කරන්න නැත්නම් මෙය වැරදි පූර්වාදර්ශය ඉදිරි මහ මැතිවරණය සහ ජනාධිපතිවරණයටත් බලපානවා. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් අපහසුතාවයට පත් නොකොට වහාම මැතිවරණය පැවැත්විය යුතුයි.

මේ දේශපාලන පක්ෂ නායකයන්ට අපි කියනවා ජනාධිපතිවරයා සමග වහාම පක්ෂ නායක හමුවක් කැඳවාමැතිවරණය පැවැත්වීම සම්බන්ධව කටයුතු සම්පාදනය කර වන්න ඒ වගේම අපේ යෝජනාව වහාම ජනමතය උරගා බැලීමට මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය එක් දිනක පැවැත්විය යුතුයි. ඒ සඳහා රට සූදානම් කරන්න මැතිවරණ කොමිසමට ඒ සඳහා බලය ලබා දෙන්න.

මේ ආකාරයෙන් රට අකර්මාන්ය කරලා උද්ඝෝෂණ වලට මිනිස්සු කැඳවලා මේ පාලකයන් ජනතාව රවටලා රට මහා පාවාදීමකට ලක් කරමින් සිටිනවා අති සීඝ්‍රයෙන් රට විදේශී කරනයට ලක් වෙමින් තිබෙනවා. මෙය වහාම නැවැත්විය යුතුයි. ඒ සඳහා පොදු වේදිකාවක් තනන්නට දෙවන පරපුර සූදානම් ජනතාවට අපි ආරාධනා කරනවා ප්‍රායෝගික විසඳුම් සමග අත්වැල් බැඳ ගැනීමට පෙරට එන්න කියා .

– දෙවන පරපුර

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?