මුහුද රළු වෙයි

දිවයිනට නිරිත දෙසින් කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල අද (20) තද වැසි ඇතිවිය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සුළං තත්වය හේතුවෙන් එම ප්‍රදේශවල මුහුද රළු විය හැකි වේ. එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සැළකිළිමත්වන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

එසේම මෙම සක්‍රීය වළාකුළු පද්ධතිය ඉදිරි පැය කිහිපය තුලද සක්‍රියව පවතිනු ඇති බවට එම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *