Latestදේශීය

“Crafting Ceylon” වැඩසටහන ආරම්භ වේ

ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙ‍ළෙඳපොළ අවස්ථා ලබාදීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන ලද “Crafting Ceylon” අපනයන අභිමුඛ නිර්මාණ සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.කර්මාන්ත අමාත්‍යාංශ‍යේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ජාතික ශිල්ප සභාව විසින් මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.

දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් දිස්ත්‍රික් මට්ටමින් ඒකරාශී කර අපනයනය සඳහා නිෂ්පාදනය කළ යුතු හස්ත කර්මාන්ත පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ද මෙයට සමගාමීව සංවිධානය කර තිබිණි.ෙඑහිදී දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් එක්ව සිටි ශිල්පීන් විසින් සකස් කරන ලද නිර්මාණ 2214ක් අතරින් විශිෂ්ට ශිල්පීන් සිය දෙනෙකුගේ නිර්මාණ 546ක් ජාතික විනිශ්චය මණ්ඩලය විසින් තෝරා ගනු ලැබූ අතර, එසේ තෝරාගත් හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සංකේතාත්මකව සම්මාන පිරිනැමීම සිදුවිය.

මීට අමතරව හස්ත කර්මාන්ත කේෂ්ත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ආයතන දෙකකට විශේෂ සමරු තිළිණ දෙකක් පිරිනැමිණ.මෙම අපනයන අභිමුඛ නිර්මාණ සංවර්ධන වැඩසටහන වර්ණවත් කරමින් ජනකලා කේන්ද්‍රයේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ සංස්කෘතික සංදර්ශන දෙස් විදෙස් ආරාධිත අමුත්තන්ගේ විශේෂ අවධානයක් ගනු ලැබීය.

මෙලෙස තෝරාගත් නිර්මාණ විදහා දක්වමින් කේෂ්ත්‍රයේ නියැලෙන දේශීය හා විදේශීය ගැනුම්කරුවන්, ආනයනකරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, හෝටල් කේෂ්ත්‍රයේ ප්‍රවීනයන්ගේ සහභාගීත්වයෙන් තෝරාගත් විශිෂ්ට ශිල්පීන් සමඟ ව්‍යාපාරික හමුවක් සහ මහජන ප්‍රදර්ශනයක් (23) සහ (24) යන දෙදින තුළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා ‘සෆායා බැන්කට්හි’දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?