Latestදේශීය

සජබ එජාප එකතු විය යුතුයි

රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙළ සහ සමගි ජන බලවේග වැඩපිලිවෙල අතර කිසිම වෙනසක් නැති බව සමගි ජන බලවේගය තුළ මතයක් ඇති බව එම සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

පක්ෂ දෙක අතර ප්‍රතිපත්තිමය වෙනසක් නැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ගෙන යන වැඩපිළිවෙළට එකග වීමට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත් පසු ඉතා විශාල දියුනුවක් ඇස් පනාපිට පේන්න ඇති බවත් රටේ ජනතාවද වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විශාල පැහැදීමක් ඇතිව තිබෙන බවත් සේනාරත්න මහතා කියා සිටී.

ඒ අනුව පක්ෂ දෙක කතා කර එකට ගමන් කරන කෙසේදැයි එකඟතාවයකට පැමිණිය යුතුව ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?