Latestදේශීය

ප්‍රභූ පවුල් පාලනය අවසන් කර ජනතාවාදී පාලනයක් නුදුරේදීම පිහිටුවනවා

ප්‍රභූ පවුල් කිහිපයක් එක් වී රටේ සමස්ත ධනයත් බලයත් තබා ගනිමින් පොදු ජනතාව දුක් පීඩාවලට පත් කර බෙදා වෙන්කර ගෙනගිය දුෂ්ඨ පාලනය නිමා කර ජනතාවාදී පාලනයක් නුදුරේදීම පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

එම පක්ෂය සංවිධානය කළ 52වන අප්‍රේල් විරු සැමරුමේ කළුතරදී පැවති සමුරුවේ දේශනය පවත්වමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව පැවසීය.

මුළු සමාජයක් දුක්විඳින තත්වයට ඇද දමා මේ දක්වා රට පාලනය කළ පිරිස් පරදිනබව දැන දැන වුවද මැතිවරණ පවත්වා තිබුණත් අධිකරණ නියෝග පවා නොතකමින් පළාත් පාලන මැතිවරණය කල්දමා තිබෙන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට පොදු ජනතාව වෙත පාලන බලය මාරුවෙන නිසා බව ඔහු පැවසීය.

1971 අරගලයේදී දිවි දුන් සහ සිරගතකර අනේක විද වද වේදනාවන්ට ලක් වූ සියලුම දෙනා මේ නරුම පාලන ක්‍රමය වෙනස් කිරීමේ අධිෂ්ඨානයෙන් පෙරට ආ බවත් ඔවුන් සැමරීමේ 52වෙනි සංවත්සරය යෙදී තිබෙන්නේ ජයග්‍රහණය ලැබීම සඳහා ජනතාව රොද බැඳෙමින් සිටින අවස්ථාවක බව අවධාරණය කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානයකගේ ප්‍රධානත්වයෙන් මාතලේදී සහ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේදී තවත් ප්‍රධාන අප්‍රේල් සමරුම් පවත්වනු ලැබීය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?