Latestදේශීය

“නවය; සැඟවුණු කතාව” විමල් ලියයි

ජාතික නිදහස් පෙරමුණේ’ නායක විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව “නවය; සැඟවුණු කතාව” යන නමින් විමර්ශනාත්මක කෘතියක් රචනා කොට තිබේ. මෙම කෘතිය එළඹෙන අප්‍රේල් 25 වැනි අඟහරුවාදා සවස 3:00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත ය.

තමන් මෙම කෘතියෙන් හෙළි කරන්නේ 2022 මැයි 09 වැනිදා සිට ජූලි 09 වැනිදා දක්වා උද්වේගකරව හමා ගිය ‘ගාලුමුවදොර අරගල සුළියේ’ සැඟවුණු කතාව බවත් තරුණ පරපුර මෙම සැඟව ඇති සත්‍යය අවබෝධකර නොගතහොත් ශ්‍රී ලංකාව තවත් එක් හයිටියක්, ලිබියාවක් හෝ ඉරාකයක් බවට පත්වීම වැළකිය නොහැකි බවත් විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. එබැවින් කුමන අභියෝග මතු විය හැකි වුව ද මෙම සැඟව ඇති සත්‍යය අනාවරණය කිරීම තමන් හමුවේ වන අත්හල නොහැකි වගකීමක් බවත් මෙම කෘතිය මගින් ඉටු කිරීමට උත්සාහ දරා ඇත්තේ එම වගකීම බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෘතිය එළිදැක්වීමේ උත්සවය දේශන දෙකකින් ද සමන්විත වන අතර එම දේශන කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ කෘතියේ කතුවර විමල් වීරවංශ යන මහත්වරුන් විසින් සිදු කරනු ඇත.

මෙම අවස්ථාවට දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල නායකයෝ, තානාපතිවරු ඇතුළු රාජතාන්ත්‍රික නිලධාරීහු හා විද්වත් වෘත්තිකයෝ ඇතුළු සම්භාවනීය පිරිසක් ඇරයුම් ලැබ සිටිති.

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?