Latestදේශීය

පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිදරව් වෙනවාට පාලකයින් බිය ඇයි?

පාස්කු ප්‍රහාරයට අවුරුදු 4ක් සම්පූර්ණ වුවද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපේක්ෂා කළ යුක්තිය සහ සාධාරණත්වය ඉටු නොවී ඇති තත්ත්වයක  යුක්තිය ඉල්ලා මොරදෙන ක්‍රියාදාමය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සිදුවී ඇති බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසනවා. මාධ්‍ය හමුවක් කැදවමින් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් පැවසුවේ, 

මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සහ පොලිස් නිළධාරීන් පිරිසක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ පාස්කු ප්‍රහාරයේ සත්‍යය සහ යුක්තිය ඉල්ලා පවත්වන වැඩසටහන් තහනම් කරන්නට නියෝග නිකුත් කරන ලෙසයි. නමුත් අතිරේක මහේස්ත්‍රාත්තුමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ජනතාව ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව අපේක්ෂා කරන යුක්තියත් විශේෂයෙන්ම මේ ප්‍රහාරය පිටුපස තිබෙන සත්‍යයත් හෙළිදරව් කරන ලෙසයි.

සත්‍යය යුක්තිය සාධාරණත්වය ඉල්ලා සිටීම ත්‍රස්තවාදය ද?

ව්‍යවස්ථාවෙන් අපට ලැබී තිබෙන අයිතිය ත්‍රස්තවාදය ලෙස අර්ථකථනය කරන්න පොලීසිය ගනු ලබන උත්සාහය ජනතාව ප්‍රතික්ෂේප කරන බව අපි විශ්වාස කරනවා.

මේ විධියට පාරට බැහැලා ඉල්ලීම කරන්න වෙලා තියෙන්නේ අවුරුදු 4ක් පුරාවට යුක්තිය සහ සාධාරණත්වය ලැබුනේ නැති නිසා.

ඇයි මේ බිය? ජනාධිපතිවරුන්ට හිටපු රජයන්ට ප්‍රශ්ණයක් ඇතිවෙනවා ද අපරාධකාරයින්ව හෙළිදරව්වුනොත්. අපරාධකාරයින්ව හෙළිදරව් වීම තුළ පාලකයින්ට ඇති වන ප්‍රශ්ණය කුමක් ද? ජනාධිපතිවරයාට අපි කියනවා මේ සදහා සාධාරණත්වයක් යුක්තියක් හිමිවන තුරු අපි මේ ක්‍රියාදාමය දශමයකින් හෝ අඩු කරන්නේ නැති බව.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?