Latestවිදේශීය

නැවතත් ඇමරිකාවේ වෙඩිතැබීමක්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජැස්පර් නම් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් යෞවනයින් 9 දෙනෙක් තුවාල ලබා තිබේ.

එහි පාසලක සිසුන් පිරිසක් සංවිධානය කළ සාදයක් අතරතුරදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඉන් තුවාල ලැබූ පිරිස වයස අවුරුදු 15-19 ත් අතර වන බවත් ඔවුන්ව වහාම රෝහල්ගත කිරීමට පියවරගත් බවත් එම ප්‍රදේශයේ පොලිස් බලධාරීන් පැවසීය. 

මෙම සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශයේ පාසල්වල ආරක්ෂාව තරකිරීමට එහි පොලිස් බලධාරීන් කටයුතු කර තිබුණි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?