Latestදේශීය

රනිල් ආර්ථීකය ඉවර කරනවා

‘වෘත්තිකයෝ දැවැන්ත බදු බරකට ලක් කරලා තිබෙනවා, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ දැවැන්ත පොලී අනුපාතයකින් පීඩා විඳිනවා, හෙම්බත් වෙනවා. ඒ අය දැවැන්ත බදු බරකට ලක්කරනවා. VAT එක තවදුරටත් ඉහළ දමනවා. මේ සියල්ල හරහා මොකද වෙන්නේ මේ රටේ කර්මාන්ත පද්ධතිය, ප්‍රාග්ධන පද්ධතිය ශේෂ වෙන තැනකට එනවා. ප්‍රාග්ධන පද්ධතිය කඩාගෙන වැටනකොට මේ රටේ මොන ආර්ථික වර්ධනයක්ද ඇතිවෙන්නේ’ යයි නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මාලාව ඉදිරිපත් කරලා කරලා ඒ ගිවිසුම් වලට පාර්ලිමේන්තුවේ එකඟතාවය ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුව මේ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි බලන්න ඕන ඇත්ත වශයෙන්ම ආණ්ඩුව මේ කරන ක්‍රියාකාරකම් එක්ක ආණ්ඩුව උත්සාහ කරනවා ඇත්ත වශයෙන්ම ජනතාව ඉදිරියේ තමන්ගේ ජනමතයක් නොමැති රජයක් විසින් උත්සාහ කරලා බලනවා පාර්ලිමේන්තුව ජයග්‍රහණය කිරීමක් හරහා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති වරමක් ජයග්‍රහණය කිරීම තහවුරු කරගෙන මහජනතාව අතරට කිසිසේත්ම පිවිසෙන්නේ නැතුව පාර්ලිමේන්තුව වැනි අවස්ථා වලින් ප්‍රයෝජන ගනිමින් ඉතාමත්ම කූඨ ආකාරයේ උත්සාහයක් දරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආණ්ඩුව, විපක්ෂය මේ සියළු දෙනා එකඟයි ඒ නිසා මේ ගෙනයන වැඩපිළිවෙල ඇර මේ රටට වෙනත් මාවතක් නැත කියන මතය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක උත්සාහ කරනවා.

අපි කියවන්නට ඕන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2016 දී මේ පාර්ලිමේන්තුවට කරපු ප්‍රකාශය. 2016 දී එතුමා ප්‍රකාශ කරනවා මේ රට 2025 දී මේ රට දියුණු බවට පරිවර්තනය වීම සඳහා අඩිතාලමයි අපි දමන්නේ කියලා. ඒ කියන්නේ 2016 දී මහජනතාවට ලොකු බලාපොරොත්තුවක් විශ්වාසයක් තිබුණා මොකද කෙටිකාලීන වැඩසටහනක් තමයි ඔහු ඉදිරිපත් කරන්නේ 2016 ඉදලා 2025 දක්වා. දැන් එතුමා යෝජනා කරන්නේ ඇත්තටම මේ රට දියුණු රටක් බවට පරිවර්තනය වෙන්නේ තව අවුරුදු 25 කින් ඒ කියන්නේ 2048 දී තමයි මේ රට දියුණු රටක් බවට පරිවර්තනය වෙන්නේ කියලා. ඒ නිසා අපි ඇත්තටම පළමුවෙන්ම තේරුම්ගත යුතු වෙනවා 2016 දී ඔහු කියපු මතවාදය ලඟාකිරීම කෙසේවෙතත් එහි පසුබිම කොයි ආකාරයෙන්ද අවගමනය වුනේ කියලා. ඒ කියන්නේ 2016 ඔහු පටන් ගන්නකොට 5% ක ආර්ථික වර්ධන වේගයක් තිබුණානනම් ඒක ක්‍රමානුකූලව අඩුවෙලා 2019 ආසන්න කාලය වෙනකොට 2.3% දක්වා අවගමනය තීව්‍ර වුන බව තමයි අපි දැක්කේ. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද කියන ප්‍රකාශය අපි ඔහුගේ කලින් ප්‍රකාශයත් එක්ක සමපාත කරලා තේරුම්ගත යුතු බවයි අපි පවසන්නේ. අපි දන්නවා ISBN ණය 5 වතාවක් ලබාගනිමින් අර 2016 දී IMF එකෙන් ගත්ත ඒ ණය වාරිකත් එක්කම ඔහුට තමන්ගේ හිතලු ක්‍රියාත්මක කරගන්න ඇත්ත වශයෙන්ම හැකියාවක් ලැබුණේම නැහැ.

අපි දන්නවා සාමාන්‍යයෙන් රටක් දියුණුව පිළිබඳව, ආර්ථික වර්ධනය පිළිබඳව ලෝක සම්මත න්‍යාය ධර්මයන් තිබෙනවා. එතකොට මේ ලෝක සම්මත න්‍යාය ධර්මයන් මත පිහිටලා කල්පනා කරනකොට කවර ගණයේ මේ ආර්ථික දියුණුවක් පිළිබඳවද රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන්නේ. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් රටක් දියුණු වෙනවානම්, ආයතනයක් දියුණු වෙනවානම් අපි කියනවා මේ ප්‍රාග්ධන සමුච්ඡනය වැඩිවෙන්න ඕන. Capital Formation ‌එක වැඩිවෙන්න ඕන. එතකොට ඇත්ත වශයෙන්ම ලෝක සම්මත ප්‍රාග්ධන අනුපාතයක් තිබෙනවා ICOR කියලා. ඇත්තටම ආර්ථික විද්‍යාව පිළිබඳව යම් න්‍යායික අවබෝධයක් තිබෙන අය දන්නවා Incremental Capital Output Ratio කියන එක. එතකොට අපි බලන්නට ඕන සාමාන්‍යයෙන් මේ රටේ ප්‍රාග්ධනය ප්‍රවර්ධනය කරන්න මේ ලබාදෙන ණය අරමුදල සහ ආණ්ඩුවේ උපාය උපක්‍රමත් එක්ක මේ රටේ ප්‍රාග්ධනය වර්ධනය වෙනවද කියලා. මේ රටේ ප්‍රාග්ධනය වර්ධනය වෙනවා කියලා අපි හිතලුවක් තියාගන්නවානම් ඇත්තටම අපි දන්නවා සාමාන්‍ය ආර්ථිකයක් තිබුණානාම් ඒ කියන්නේ කිසිම උපායක් දාන්නේ නැති ආර්ථිකයක් තිබුනත් 1948 සිට මේ දක්වා වන ආර්ථික වර්ධනය සාමන්‍යයෙන් තිබ්බේ natural growth rate 4% ක වගේ අගයක්. විශේෂ උපායක් නොදැක්වුවත්.

එතකොට දැන් අපි දන්නවා -8% ක ආසන්න ආර්ථික අවගමනයක් තිබිලා ඒක -3% ආර්ථික අවගමනයක් දක්වා පහුගිය අවුරුදු දෙකේ ඇවිල්ලා මේ ක්‍රියාකාරකම් හරහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා යෝජනා කරන්නේ 2028 වෙනකොට අපි 3% ක ආර්ථික වර්ධනයක් ලබනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ආර්ථික වර්ධනයටත් වඩා 1% ක ආර්ථික වර්ධනයක් අඩු වෙනවා. එතකොට 3%ක ආර්ථික වර්ධනයක් නම් ලබන්නේ 2028 දී අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 89 ක් බවට පරිවර්තනය වෙන්නේ ඔය කියන 2028 දී තමයි. 2028 දී පත්වෙන ඩොලර් බිලියන 89 දළ දේශීය නිෂ්පාදනය අපි කල්පනා කරොත් එහෙම 2017 ආසන්න කාලයේ තිබුණ දළ දේශීය නිෂ්පාදනයට සමානයි. එතකොට අපි 2017-2018 තිබුණ තත්වයට එන්නේ 2028 දී. එතකොට 2028 ඉදලා අපි 2048 වෙනකොට දියුණු රටක් බවට පරිවර්තනය වෙනවානම් ඒ 2048 වෙනකොට වසරකට 12%-10% ත් අතර ආර්ථික වර්ධනයක් ලැබිය යුතු වෙනවා. ඒ කියන්නේ චීනයේ වර්තමානයේ අනුගමනය කරන ආර්ථික වැඩපිළිවෙල, චීනය දැනට තිබෙන ආර්ථික වර්ධන වේගය අභිබවා යන ආර්ථික වර්ධන වේගයක් 2028 ඉඳලා ක්‍රියාත්මක වෙන බව තමයි රනිල් රජය මේ ප්‍රකාශ කරන්නට යෙදෙන්නේ.

මම දන්නේ නෑ මේ ශෙහාන් සේමසිංහලා කොයි කටවල් ප්‍රකාශ කරනවද කියලා මේ හිතලු මඟින් 2028 ඉදලා 2048 වෙනකොට 10%-12% ක ආර්ථික වර්ධන වේගයක් පැමිණෙනවානම් මේ රටේ ප්‍රාග්ධන සමුච්චනය කොයි තරම් දුරකට ඉහළ යා යුතු වෙනවාද. මේ ලැබෙන ඩොලර් බිලියන 2.9 න්, ඒ වගෙම් තමයි අනෙකුත් ඔය කියන ADB එකෙන් World Bank එකෙන් මේ ලැබෙන මුදල් ප්‍රමාණයත් එකතු කරලා ගත්තට පස්සේ මේක තනිකරම වැය කරන්නේ රටේ පුනරාවර්තන කටයුතු වෙනුවෙන්. ඉතාම ශේෂයක් තමයි වියදම් කරන්නේ ප්‍රාග්ධන සමුච්චනය වෙනුවෙන්. අද ප්‍රාග්ධන සමුච්චනය වෙනුවෙන් තිබෙන ක්‍රියාකාරකම් සහමුලින්ම කුඩුපට්ටම් කරලා තියෙන්නේ.

අපි දන්නවා වෘත්තිකයෝ දැවැන්ත බදු බරකට ලක් කරලා තිබෙනවා, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ දැවැන්ත පොලී අනුපාතයකින් පීඩා විඳිනවා, හෙම්බත් වෙනවා. ඒ අය දැවැන්ත බදු බරකට ලක්කරනවා. VAT එක තවදුරටත් ඉහළ දමනවා. මේ සියල්ල හරහා මොකද වෙන්නේ මේ රටේ කර්මාන්ත පද්ධතිය, ප්‍රාග්ධන පද්ධතිය ශේෂ වෙන තැනකට එනවා. ප්‍රාග්ධන පද්ධතිය කඩාගෙන වැටනකොට මේ රටේ මොන ආර්ථික වර්ධනයක්ද ඇතිවෙන්නේ.

ඒ නිසා මේ රටේ ආර්ථිකය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් ඇති විද්වත්තු කතා කරනකොට කට වහන්න ඔවුන්ගේ කටට පිස්තෝලේ එල්ල කරන්නයි මේ අය උත්සාහ කරන්නේ. අපි දන්නවා මේ වෙනකොට මේ ප්‍රාග්ධන නිමැවුම් අනුපාතය පිළිබඳ කතාව ගෙන එන අපේ නාලක ගොඩහේවා මැතිතුමාට පහුගිය දවස් කිහිපය තුලම නිර්ලජ්ජිත විදියට ප්‍රහාර එල්ල කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා මේ රටේ විද්වතුන්ට අපි කියනවා මේ රටේ පාලකයෝ කියන හැම දෙයක්ම එහෙයි කියලා අපි අනුගමනය කළේ නෑ ඉතිහාසය තුලත්. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනවරමක් ලබාගැනීමට විද්වතුන් එකතු වෙලා විද්වතුන්ගේ නමින් අපි ඡන්දය එකතු කරා. ඒකේ පුරෝගාමියෙක් විදියට කටයුතු කරා නාලක ගොඩහේවා මැතිතුමා. ඒ ගෙනාපු විද්වත් කතිකාවට ප්‍රාණය එකතු කරන්නට ගෝඨාභය රාජපක්ෂට පෞරුෂය තිබ්බේ නෑ. ඒ නිසා අපි කණ්ඩායමක් විදියට කතිකාවතක යෙදුණා පාලකයන්ගේ හැම මතයකටම අපිට එහෙයි කියන්න පුවවන් තැනක නෙමෙයි අපි ඉන්න ඕන කියලා.

ඒ නිසා අද මේ 134 දෙනෙකුගේ බලයෙන් රටේ ජනාධිපති තනතුරට පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක ඉන්න කණ්ඩායම වගකියන්න ඕන 2028 වෙනකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය 12%, 10% ඉහළ උච්ඡ මට්ටමකට ගෙනල්ලා මේ රට 2048 වෙනකොට රට ආර්ථික සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරනවා කියලා මේ හිතලුව ඉදිරිපත් කරමින් අනාගත නූපන් පරපුරට කරපු වංචාවට ඔබ වන්දි ගෙවිය යුතු වෙනවා. බොහෝ විට ඔබ අප ජීවතුන් අතර නොසිටීවී. නමුත් ඔබ අද වේල සරි කර ගැනීම වෙනුවෙන් බංකොලොත් දේශපාලනයක යෙදෙනවා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලට අපේ විරෝධතාවය පළ කරන්නේම මෙහි අඩංගු වන සංයුතීන් පිළිබඳව, මේ මහජනතාව මුලා කරන වැඩ වලට අපේ කිසිසේත්ම එකගතාවයක් නැති නිසයි. මහබැංකුව දේශපාලනයෙන් නිදහස් කරනවා කියලා දේශපාලනීකරණ නව හස්තයකට ඇතුලත් කරලා තිබෙනවා. ඒක පාර්ලිමේන්තු පාලනයෙන් මුදාහරින්න උත්සාහ කරනවා. ඒ වගේම තමා රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා නෂ්ඨාවශේෂ බවට පරිවර්තනය කරන්න ක්‍රියා කරනවා. ඒ වගේම තමයි රටේ උගත් පරපුරට, ශිෂ්‍ය ප්‍රජාවට ඒ නිෂ්පාදන අවස්ථාවන් වලට, විදේශ අධ්‍යාපන අවස්ථාවන් වලට, දේශීය අධ්‍යාපනය පුළුල් කිරීම සදහා, නිපුණතා ප්‍රවර්ධනය කිරීම සඳහා, දැනුම් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මේ ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නෑ. ප්‍රචාරණවාදී හුදු උපාය උපක්‍රම පමණයි තියෙන්නේ.

ඒ නිසා අපි කියනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපාය රටේ විපක්ෂය හරියට තේරුම්ගත යුතු වෙනවා. විපක්ෂය කල්පනා කරන්න ඕන මේ රටේ අනාගතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැටගැසීමත් එක්ක අප විසින් වරදක් කරනවා මේ මහජනතාවට. මොකක්ද ඒ, කොන්දේසි විරහිතව මේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම කියන සියළු දේවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආරෝපණය කරලා ඒ සියල්ලට මහජන අනුමැතියක් තියෙනවා කියලයි මේ අය කියන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මේ පාර්ලිමේනුතුව හරහා අනියත මහජන අනුමතයත් ලබාගැනීම තුලින් මේ සියල්ල වෙනුවෙන් පාර්ලිමේන්තුව සහයෝගය දීලා තිබෙනවා කියලා මේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම තම සිතැඟි කොන්දේසි මහජනතාව තුල පතිත කරමින්, ඒකට විරෝධය පළ කරන, ඒ සීමාකම් වලින් එළියට එන්න උත්සාහ කරන පීඩිත දුප්පත් පන්තියේ මිනිසුන් ත්‍රස්ත විරෝධී පනත් වලින් හිරේ විලංගුවේ දැමීමේ අපරාධයේ කොටස්කරුවන් වෙන්න අපට බෑ.

ඒ නිසා අපි කියනවා මේ ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක වන හෙට දවසේදී අපට තේරුම් ගන්නට පුළුවන් 2028 වෙනකොට මේ රටට සිදු වූයේ තවදුරටත් මේ රටේ රාජ්‍ය ණය බර, මේ රටේ මහජනතාවගේ ණය බර, ණය බරින් මිරිකෙන රටක් බවට පරිවර්තනය වීම සඳහා වන දැවැන්ත උත්සාහයට තමා මේ අද ඡන්දය ඉල්ලන්න උත්සාහ කරන්නේ. ඒ නිසා නිදහස ජනතා සභාව විදියට අපි 2028 වෙනකම් ඉන්නේ නෑ. අපි කියනවා මීට එරෙහි මහජන පෙළගැස්වීම සඳහා නිදහස ජනතා සභාව විදියට අපි එකතු වෙනවා මහජනතාවත් එක්ක. මහජනතාවට වින කටින, ඔවුන් තවදුරටත් ණය බරින් මිරිකන, යලිත් බංකොලොත් රටක් බවට 2028 දී මේ අය මහජනතාව උගුලක හිර කරන්න යන අපරාධය පරාජය කරන්න අපි මේ පාර්ලාමේන්තුවේදී මේ IMF එකේ කොන්දේසී මාලාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරනවා කියලා අපි දැඩිව කියනවා.

එහිදී අපි කියන්නට අවශ්‍යයයි. මේ තීන්දුව අපි ගන්නේ පෞද්ගලික් වරප්‍රසාද වරදාන කිසිවක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. අපි දන්නවා නාලක ගොඩහේවා මැතිතුමාට එල්ල කරපු පිස්තෝලය අපි 13 දෙනාටම එල්ල කරනවා. ඒ නිසා පිස්තෝල පිට පිස්තෝල එල්ල කරත් නිදහස ජනතා සභාව විදියට අපගේ මේ විපක්ෂයේ කාර්යභාරය, ජනතා කාර්යභාරය මර්ධනය කරන්න ගන්න උත්සාහය කිසිඳු අඩියක් පිටිපස්සට නොයා ඉදිරියට පය තබමින් අපි මේකට එරෙහි වෙනවා. මොකද හේතුව මේ කරන්න උත්සාහ කරන්නේ රටක මහජනතාව පීඩාවකට පත් කරන වෙලාවේ සත්‍යවාදීව උගත් ජන සමාජය තේරුම්ගන්න විලාසයෙන් මේ රටේ මහජනතාවට සත්‍ය පෙන්වා දීමයි. ඒ වෙනුවෙන් ලැබෙන මොනම මඩ ප්‍රහාරයකටවත්, මොනම ගුටි ප්‍රහාරයකටවත්, මැර ප්‍රහාරයකටවත් නොවැටී ඉන්න අපිට කශේරුකාවක් සහ ශක්තිය තිබෙනවා කියලා නොබියව ප්‍රකාශ කරනවා

@ Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?