Latestදේශීය

ළමා මන්දපෝෂණය ඉහළට

අවුරුදු 5ට අඩු දරුවන් අතර උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සැලකීමේදී ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපය තුළ වඩාත් බලපෑමට ලක්වූ රටවල දෙවන ස්ථානයට පත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ 2022 වසරට අදාළව මහ බැංකුව නිතුත් කළ වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇති බවය.

පාසැල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් අඩාල වී ඇති බවට පාර්ලිමේන්තුවේ දී ද අනාවරණය වී ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?