Latestදේශීය

දින 3කට ඩෙංගු රෝගීන් 700ක්

මේ වසරේ ගතවූ මාස 4 තුළ පමණක් වාර්තා වූ ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 30,000 ඉක්මවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

ඒ අතරින් සියයට 50ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලිනි.

එහි දත්තවලට අනුව එම කාලය තුළ ඩෙංගු වැළදීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 15කි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා, 

“මැයි මාසයේ මුල් දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 700කට ආසන්න ප්‍රමාණයක් මුළු දිවයිනෙන්ම වාර්තා වෙලා තියෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වෙද්දි ඩෙංගු දැඩි අවධානම් තත්ත්වයක තමයි තියෙන්නේ. ඊට අමතරව කළුතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඩෙංගු අවධානම් තත්ත්වයක් ඇති වෙමින් පවතිනවා. දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රොගීන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන් ඉදිරියේ දී ඇති වෙන වර්ෂා කාලයේදී අනිවාර්යයෙන්ම තවදුරටත් ඩෙංගු රෝගීන් වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඉහළ මට්ටමකින් තමා මේ වැඩිවීම පටන් ගන්නේ. ඒක නිසා මේ තත්ත්වය සමහර වෙලාවට අපි හරියට පාලනය කළේ නැත්නම් සමහර විට වසංගත තත්ත්වයකට පරිවර්ථනය පුළුවන්.”

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?