Latestදේශීය

රනිල්ගේ ජනාධිපති සිහිනයට ඇති බාධාව බැසිල්

‘ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තියෙන ලොකුම බාධාව ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කරන රාජපක්ෂවරු ඔහුගේ කණ්ඩායම තුළ සිටීම’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ් මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

‘ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තියෙන ලොකුම බාධාව තමයි ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කරන රාජපක්ෂවරු එතුමාගේ කණ්ඩායම තුළ සිටීම. ලංකාවේ ජනප්‍රියතාවයෙන් අඩුම දේශපාලකයා විදිහට සමීක්ෂණයකදී හෙළි වෙලා තියෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා. ඔහු තමයි පොහොට්ටුවේ නායකයා. එවැනි බලවේගයක් කරේ තබාගෙන ජනාධිපතිවරණයට යෑම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලොකු පීඩනයක්. ඉතින් තමන්ට බරක් වෙලා ඉන්න පිරිසක් හලා ගන්නේ කෙසේදැයි ජනාධිපතිතුමා කල්පනා කරනවා වෙන්න පුළුවන්. බැසිල් රාජපක්ෂ කණ්ඩායම සෑහෙන කාලයක් තිස්සේ අමාත්‍යධූර ඉල්ලමින් සිටිනවා. ජනාධිපතිවරයා ඒවා නොදී සිටින්නේ පල නොකියා පලා බෙදීමක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් රාජපක්ෂවරුන් සමග අපේ කිසිදු ගනුදෙනුවක් නැහැ’

@media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?