Latestදේශීය

‘Sri Lanka Skills Expo 2023’ හෙට (12)

අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරන ‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය හෙට ආරම්භ ‍වේ.

ප්‍රදර්ශනය මැයි මස 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු පිළිබඳව විශේෂ සාකච්චාවක් අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  පැවැත්විණි.
ප්‍රධාන ආංශික නිපුණතා සභා 5කට අදාළ නව ප්‍රවණතා හා තාක්ෂණයන් පිළිබඳ දැනුම හා ඒ හා සබැඳි අවස්ථාවන් ලබා මෙම ප්‍රදර්ශනයෙන් ලබා දෙනු ඇත.මෙය එම ක්ෂේත්‍රවල රැකියාවලට පිවිසීමට අපේක්ෂා කරන්නන්ට ලැබෙන අගනා අවස්ථාවකි. 2016 වසරේදී පිහිටුවන ලද සහ, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව හා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය සහයෝගය යටතේ පවතින ආංශික නිපුණතා සභා මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.
ප්‍රදර්ශනය 2023 මැයි මස 12,13 සහ 14 යන දිනවල සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වේ.පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා මහජනතාවට මෙය විවෘත වන අතර, ඇතුළුවීම නොමිලේ. මෙය ජාතික මට්ටමේ සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනයක් වන අතර, නිපුණතා සහ කුසලතා සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් එකම වේදිකාවකට රැගෙන ඒමට එය සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


ඉදිකිරීම් කර්මාන්ත නිපුණතා ආංශික සභාව (CISC), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා ආංශික සභාව (ICTISC), නිෂ්පාදන සහ ඉංජිනේරු සේවා කර්මාන්ත කුසලතා නිපුණතා ආංශික සභාව (MESSCO), සංචාරක කර්මාන්ත නිපුණතා ආංශික සභාව (TISC) සහ කෘෂිකර්මාන්ත කුසලතා නිපුණතා ආංශික සභාව (ASSC) යන නිපුණතා ආංශික සභාවන්ට අදාළ කර්මාන්ත හා ක්ෂේත්‍රවල නව සහ නැගී එන තාක්ෂණයන් “Sri Lanka Skills Expo 2023” ප්‍රදර්ශනය තුළ මූලික වශයෙන් දැනුම හා අවස්ථාවන් හුවමාරු වේ. මෙම කර්මාන්ත සම්බන්ධයෙන් දැනට පවතින කාර්මික පුහුණු වැඩසටහන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, රැකියා පුරප්පාඩු සම්බන්ධ දත්ත හුවමාරු කරගැනීමටත්, එම රැකියා සඳහා අයදුම් කිරීමට රැකියා අපේක්ෂිතයන් යොමුකරවීමටත් මෙම ප්‍රදර්ශනය කදිම අවස්ථාවක් වනු ඇත. පෞද්ගලික අංශයේ නිපුණතා සහ ශ්‍රම අවශ්‍යතාවයන් පිළිබඳ දැනුම්වත් කිරීම මෙහි තවත් අරමුණකි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?