Latestදේශීය

කුරුණෑගල වෛද්‍යවරයෙකුට සහ වෛද්‍යවරියකට පහරදීම -පුද්ගලයෙකු අත්අඩංගුවට

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකුට සහ වෛද්‍යවරියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

24 හැවිරිදි වියේ පසුවන මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.ඹහු දඹුල්ල ප්‍රදේශයේදී මෝටර්රථයකින් ගමන්කරමින් සිටියදී කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ගමන්කරමින් සිටි මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

කුරුණෑගල රෝහලේ අංක 72 වාට්ටුවේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියකට සහ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් මෙලෙස විමර්ශනයක් ආරම්භ කර තිබු අතර මෙම සිදුවීම මුල්කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරු ඊයේ(11) දින එක්දින වැඩවර්ජනයක ද නිරතවිය.පසුගිය 08 වනදා මෙම පහරදීම සිදු වී තිබුණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?