Latestක්‍රීඩාදේශීයමතවාද

ක්‍රිකට් වනසන ආගමික නිකාය බෝන් අගේන් – විශේෂ අනාවරණය (3)

දූෂණ හා වංචා චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් නිතරගයෙන් මෙවරත් තේරී පත්වුණා. ඒ ක්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහ අඩබෙර ගසා දෝලාවෙන් වැඩැම්මවූ ක්‍රීඩා නීතිය සංශෝධනය කිරීම අඩියක් නෑ ගවුවක් පස්සට ගැනීමේ ආශිර්වාදයෙන්. සිංහ නාද සල්ලි විසිවෙනකොට බලු කෙදිරිලි බවට පත්වෙනව කියන්නේ මේවට වෙන්න ඕන.

කොහොමහරි කමක් නෑ. අන්තිමට පරණ ජොකියෝ ටික ආයෙත් තිලංග සුමතිපාල වෙනුවෙන් හැල්මේ දුවන්න අරන්. දෙයියන්ටවත් මේව පේන් නෑ. මොකද දෙයියන්ගේ මිනිහා ෆාස්ට ඡෙරම් ෆනෑන්ඩු ඉන්නෙත් ක්‍රිකට් මාරයන්ගේ පැත්තේ. ඒ කිව්වේ තිලංග හා ශම්මි.

ක්‍රිකට් මාරයා කිව්වේ අපහාසයට නෙවෙයි. තිලංග ක්‍රිකට් සභාපති වූ දවසේ ඉදන් අද වෙනකම් ක්‍රිකට් හැල්මේ පල්ලම් බැහැල මරණාසන්න නිසා. ආ ශම්මි සිල්වා සභාපති වුණා කියලත් වෙනසක් නෑ. මොකද නම විතරයි වෙනස්. වෙන්නේ තිලංගට ඕන දේ නිසා. සම හරක් කියනව මේ දෙන්න දැන් නයයි මුගටියයි වගේ කියල. එකම කාසියේ දෙපත්ත වෙච්චකොට බලන උන්ට එක එක රූප පෙන්නන්න පුලුවන් කියල අමතක කරන්න එපා.

අටුවාව ඉවර කරල කතාවට එමු. ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශ ප්‍රධානී ජෙරම් ජයරත්න. එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ බිරිඳ වන ටට්යානා ගේ පියා. ලක්ෂ ගාණක මාසික වැටුපක් ගත්තට එයා කරන දෙයක් නෑ. නමට ඉන්නව.

හැබැයි නෑ කියන්නම බෑ. ක්‍රිකට් ගලවා ගන්න දෙයියන්ගෙන් උදව් ගන්න ෆාස්ට ඡෙරම් ෆනෑන්ඩුව තෝරගත්ත අය අතර උඩින්ම ඉන්නව ජෙරම්. ඒ අස්සේ ක්‍රිකට් හදන්න කියල පොරටෝක් විද්ද, සද්ද විද්ද ලාගේ මහේල ජවර්ධන හා කුමාර් සංගක්කාරත් ෆාස්ට ඡෙරම් ෆනෑන්ඩුගේ සුවච කීකරු කුක්කෝ. මතකනේ සංගගේ ගැහිලි ගැන නෝන යෙහාලි සංගක්කාර කටමැත දෙඩෙව්වා.

බෝන් අගේන් පිලිලයක් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් නමගිය ප්‍රධාන පුහුණුකරුවන් වගේම ක්‍රීඩකයින් රැසක් ෆාස්ට ඡෙරම් ෆනෑන්ඩු අනුගාමිකයන් නිසයි. දැනට නම් ටිකක් පහළ සටහන් කරන්නම්. වැරදි නම් නිවැරැදි කරල ඔයාල දන්න තව ඒව තියෙනව නම් කමෙන්ට් කළාට තරහක් නෑ.

චන්දික හතුරුසිංහ – ප්‍රධාන පුහුණුකරු
හර්ෂද සිල්වා – හිටපු කාන්තා ක්‍රිකට් පුහුණුකරු
රොමේශ් රත්නායක – පුහුණුකරු
අසංක ගුරුසිංහ – ජාතික කණ්ඩායමේ කළමණකරු, තේරීම් කමිටුවෙත් හිටියා
මහින්ද හලංගොඩ – ජාතික කණ්ඩායම් කළමණකරු

මේ අස්සේ රොෂාන් අබේසිංහ විස්තර විචාරයේදී බෝන් අගේන් ක්‍රීඩකයින්ව පුම්බනවා අහල ඇති. මොකද රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය හරහා තමයි ෆාස්ට ජෙරම් කරලියට ආවේ. රොෂාන් රාගම ක්‍රීඩා සමාජයේ සභාපති. ඉතින් රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරලා ඇවිත් ශ්‍රී ලංකාවට ක්‍රීඩාකළ පහත ක්‍රීඩකයින් තුන් දෙනාම බෝන් අගේන්.
සදීර සමරවික්‍රම
රොෂේන් සිල්වා
ජනිත් ලියනගේ

වත්මන් කණ්ඩායමේ බෝන් අගේන් වූ ක්‍රීඩකයින් ගැනත් හීනියට ලිව්වේ නැත්නම් හරි නෑ.
දසුන් ශානක – නායක
භානුක රාජපක්ෂ
ජෙෆ්‍රි වැන්ඩර්සි

හරි දැන් තේරෙනව නේද ක්‍රිකට් ආයතනයක් නෙවෙයි තිබිල තියෙන්නේ බෝන් අගේන් ශාඛාවක් කියල. අතුගාන, තේ හදන කෙල්ලෝ ටික විතරයි නේද ෆාස්ට ඡෙරම් ෆනෑන්ඩුගේ බෝන් අගේන් නම් ලැයිතුවේ නැත්තේ.

මෙයාල දැන් නැගිට්ටවන්න යන්නේ මැරුණ රාජපක්ෂ නාමය කියල ගිය සතියේ මම සාක්ෂි එක්ක කිව්වා. ඒක කියවපු නැති අයට පහල ලින්ක් එකෙන් ඒක කියවන්න පුළුවන්.
https://rb.gy/iyiue
ඒ විතරක් නෙවෙයි. ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් වෙන්න බෝන් අගේන් වෙන්න උන කාලයක් තිබ්බ කියලත් සාක්ෂි එක්ක මම අනාවරණය කළා. ඒ ගැන බොරු පූචානම් දොඩවපු එකම මාධ්‍යක් වත් නම් ගම් එක්ක ඇයි එහෙම උනේ කියල අනාවරණය කළේ නෑ නේද ? ඒත් මම ඒකත් සාක්ෂි එක්ක ලිව්වා. එම ලිපියත් මේ ලින්ක් එකට ගියොත් කියවන්න පුළුවන්.
https://rb.gy/jcnj2

මේක බූවල්ලෙක් වගේ හැම තැනම පැටලුන කේස් එකක්. ඉතින් මම ඔබව මේ දැනුවත් කරන්නේ ඒ පැටලුන තැන් ගැන. ඉතින් මේක කියවල තව දන්නේ නැති කෙනෙක්ට දැනගන්න ශෙයා කරන්න. මොකද මේ පිලිලය විනාස කරන්න ඔබේ දැනුවත් භාවය ඉතා වටිනව.

හරි එහෙනම් අදට ඇති නේද ? තාම මම මෙහි අනාගත අවධානම ගැන හරියටම කිව්වේ නෑ. ඒ ගැන ලියන මීළඟ ලිපියෙන් හමුවෙමු.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?