Latestදේශීය

ජපන් රැකියා සිහින මවා මුදල් වංචාකළ සැකකරු දැලේ

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පසුගිය 23 දින අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ජපානයේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 8ක මුදලක් අයකර පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට මෙම ජාවාරමට ගොදුරු වූ අයෙකු විසින් කාර්යාංශයට පැමිණිලි කර තිබූ අතර, අදාල පැමිණිල්ල විභාග කිරීම සදහා සැකකරු කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරු කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඔහුගේ බිරිඳ විසින් කාර්යාංශයේ බලපත්‍රලත් රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් තිබේ. එම රැකියා නියෝජිත ආයතනයේ නම භාවිතා කරමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර, ජපානයේ රැකියා ලබාදීම සඳහා සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් විවිධ ප්‍රමාණවලින් මුදල් අය කර තිබේ. සැකකරු මෙලෙස රු.2,743,000.00 ක මුදලක් ලබාගෙන ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, මොහුට එරෙහිව පැමිණිලි 9ක් කාර්යාංශය වෙත ලැබී තිබේ.

සැකකරු 2023.05.24 දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලදී. සැකකරුට විදේශ ගමන් තහනමක්ද අධිකරණය විසින් පැන වූ අතර, විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැබීමටද නියෝග කරන ලදී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?