Latestදේශීය

35%ක් එකතු නොකර ප්‍රතිඅපනයන බැහැ

පවතින නිදහස් වෙළඳ ගිවිසුම් අනුව,සියයට 35%ක අගය එකතු කිරීමකින් තොරව කිසිම අවස්ථාවක ප්‍රති අපනයනයක් සිදු කළ නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සෙමසිංහ මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කරුංගා සඳහා අගය එකතු නොකර ප්‍රති අපනයනය කෙරෙන බවට ප්‍රකාශ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

පවතින නිදහස් වෙළඳ ගිවිසුම් අනුව, සියයට 35%ක අගය එකතු කිරීමකින් තොරව කිසිම අවස්ථාවක ප්‍රති අපනයනයක් කරන්න බෑ. විපක්ෂ නායකතුමා  පැවසූ කාරණය පිළිබඳ තොරතුරු අරගෙන ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරන්නම්. සියයට 35% අගය එකතු කිරීමකින් තොරව,කිසිදු ආකාරයක ප්‍රති අපනයනයක් ශ්‍රී ලංකාවෙන් සිදු කරන්න බෑ  යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?