Latestදේශීය

සමෘද්ධියේ අනාගතය අවිනිශ්චිතයි

සමෘද්ධියේ අනාගතය පිළිබඳව අවිනිශ්චිතභාවයක් ඇති බව ජාතික ජන බවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හරිනි අමරසූර්ය පැවැසුවාය.

නාවලපිටිය ආසනයේ ජාතික ජන ඛාවේගයේ කාන්තා එකමුතුව බලගැන්වීම් වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව මාධ්යට අදහස් දක්වමින් මන්ත්‍රිවය එසේ පැවසුවාය.

වැඩිදුරටත් එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරිය කියා සිටියේ මේ රටේ ජනතාවට ලබාදී ඇති සහන කප්පාදු කිරීමට වත්මන් ජනාධිපතිවරයා මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

සමෘද්ධියේ දීමනාව නතර කර ඒ වෙනුවට ‘අස්වැසුම’ නමින් වෙනත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, ‘අස්වැසුම්’ වැඩසටහන අදියර හතරක් යටතේ මුදල් ලබාදීමට දැනට සැලසුම් කර ඇති බවත් ප්‍රකශ කළ ඇය ‘අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළහොත් සමෘද්ධි බැංකු වසා දැමීමට සිදුවන බවත්, ඒ අනුව සමෘද්ධියේ අනාගතය පිළිබඳව දැඩි අවිනිශ්චභාවයක් ඇතිවන බවත් කීවාය.

ජාතික ජන වේහයට ඇති මහජන ආකර්ෂණය අඩු වී නොමැති බවත්, මැතිවරණයක් පැවැත්වුවහොත් එය තහවුරු කර ගත හැකි බවත් දැනට නාම යෝජනා කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය ප්‍රතමයෙන් පැවැත්විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් සිදු කළ විමසීමකදී මන්ත්‍රිවරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සම්බන්ධයෙන් මාධ්‍ය වේදී සිදු කළ විමසීමේදී ජාතික ජන බවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හරිනි අමරසූර්ය සඳහන් කළේ, එම මන්ත්‍රී සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය සැහීමකට පත්විය නොහැකි බවය. බලය ඇති කෙනාට එක් නීතියකුත් සමාන්‍ය ජනතාවට තවත් නීතියකුත් රට තුළ ක්‍රියාත්මක වන බව ඇය පෙන්වා දුන්නාය.

අලී සබ්රි මන්ත්‍රීවරයා, මින්ත්‍රී වරප්‍රසාද අනිසි ලෙස භාවිත කරමින් මෙම ජාවාරම සිදුකර ඇත්නම් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුව තුළද දැඩ් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් පාර්ලිමේන්තුව තුළ සිටින මෙවැනි දූෂිත මන්ත්‍රීවරු පලවාහරින තෙක් මේ රට තුළ මේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ නොහැකි බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?