Latestදේශීය

පොසොන් පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්

(දිනිතා රත්නායක)

2023.06.03 දිනට යෙදෙන පොසොන් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් බන්ධනාගාරගත සිරකරුවන් හට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමයි.

2023 ජූනි මස 03 වන දිනට යෙදී ඇති පොසොන් පුර පසොළොස්වක පෝය දිනය වෙනුවෙන් මෙවර බන්ධනාගාරගත සිරකරුවන් සඳහා අතිගරු ජනාධිපතිතුමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව ලබා දී ඇත.

ඒ අනුව පහත සඳහන් නියමයන් හා කොන්දෙසි මත සිරකරුවන් සඳහා මෙම පොදු සමාව ප්‍රධානය කර ඇත.

• බන්ධනාගාරගතව 2023.06.03 දිනට සිර දඬුවම් විදින සිරකරුවන් හට බන්ධනාගාරය තුළ ගත කරන ලද වසරකට හෝ ඉන් කොටසකට දින 14 ක සමාවක් ලබා දීම.

• දඩ මුදල් නොගෙවීම මත 2023.06.03 දින වන විට බන්ධනාගාරගතව සිරදඬුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහොසි කිරීම.

• දඩ දඬුවම්ද ඇතුලත්ව වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර, 2023.06.03 දිනට එම දඬුවමේ වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති (මහාධිකරණයේ දඬුවම් නියම කළ දිනයේ සිට) සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරිම.

• 2023.06.03 දිනට ජීවිතාන්ත සිරදඬුවම් නියම වු සිරකරුවන් අතරින් අවුරුදු 18 හෝ ඊට අඩු වයසකදී ජීවිතාන්ත සිරදඬුවම නියමකර ඇති සිරකරුවනගේ සිර දඬුවම වසර 15 කට අඩුකර (දඩ දඬුවම්ද සමග) මහාධිකරණයෙන් දඬුවම් නියමකල දින සිට ක්‍රියාත්මක කිරීම.

• මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් 2023.06.03 දිනට වරදකරුවන් කර (දඩ මුදල් නොගෙවීම මත නිමක කර ඇති සිර දඬුවම්ද ඇතුලත්ව) පුණරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවියන්ගේ පුණරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරණ පණත පරිදි ප්‍රජා විහෝධන නිළධාරීයෙකුගේ අධික්ෂණය යටතේ ගත කිරීමට යටත්ව අහෝසි කිරිම.

ඉහත සදහන් විශේෂ සමාව අදාල වනුයේ සත්‍ය වශයෙන්ම 2023.05.22 දින වන විට බන්ධනාගාරගතව සිරදඩුවම් විදිමින් සිටින සිරකරුවන් හා සිරකාරියන් කෙරෙහි පමණි. ඒ අනුව විශේෂ ජනාධිපති සමාව යටතේ 2023.06.03 වන දින දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයන් තුලින් සිරකරුවන් නිදහස් වීමට නියමිතව ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?