Latestදේශීය

ඡන්දය වහා පවත්වනු

ආණ්ඩුව විසින් කුමන්ත්‍රණකාරීව කල් දමා තිබෙන පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන ලෙස බල කරමින් ජාතික ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට (08) පවත්වන ලද උද්ඝෝෂණයට විශාල ජනකායක් සහභාගී වී සිටියහ.

මෙම උද්ඝෝෂණය “ජනමතයට ඉඩ දෙනු! පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු!“ යන සටන් පාඨය මූලික කර ගෙන පවත්වනු ලැබීය. ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් මූලික කර ගෙන මෙම උද්ඝෝෂණය පැවැත්වීය.

උද්ඝෝෂණය අතරතුර මාධ්‍යයට අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරනු ලැබුවේ මැතිවරණ කොමිසම ද ආණ්ඩුවේ අවශ්‍යතාවයට ඉඩ ලබා දෙමින් නිහඬව සිටිනු මිස මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ ක්‍රියාමාර්ග කිසිවක් අනුගමනය නොකරණ බව ය.

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය සහ නීතිඥ හර්ශන නානයක්කාර ඇතුළු එම පක්ෂයේ විධායක සභිකයින් විශාල පිරිසක් ද මෙම උද්ඝෝෂණයට සහභාගී වී සිටියහ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?