Latestදේශීය

ඉන්ධන පිළිබඳව ඇමතිගෙන් වාර්තාවක්

රටපුරා ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සෙසු පෙට්‍රල් තොගවල කිසිදු  හිඟයක් නොමැති බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

පසුගිය දින 10ට අදාළව ඉන්ධනහල් ඇනවුම් සපුරාලීම සාමාන්‍ය පරිදි සිදුවූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව වාර්තාවක්ද තමන් විසින් ප්‍රකාශයට පත්කළ බවයි.

එම ට්විටර් පණිවිඩයේ අමාත්‍යවරයා වැඩිදුටරටත් සඳහන් කර ඈත්තේකිසිදු හිඟයකින් තොරව දිවයින පුරා ඉන්ධනහල්වලින් ඉන්ධන ලබාගත හැකි බවයි.

මේ අතර, ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඇතැම් වෘත්තිය සමිති නියෝජිතයින් පවසන්නේඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් හිඟයක් මේ වන විට පවතින බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?