Latestක්‍රීඩාදේශීය

හෝටලයේ අවසරපත් නොලැබීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අපහසුතාවයක

සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එරටදී ඔවුන්ට ලබාදී ඇති හෝටල් කාමරවල අවසරපත් නොමැතිවීම හේතුවෙන් හෝටල් පරිශ්‍රයට ඇතුළුවීමට හැකිවී නොමැති බවයි සඳහන් වන්නේ.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටය සඳහා සහභාගීවීමට පිටත්ව ගිය මෙම කණ්ඩායමට මෙසේ 3කට ආසන්න කාලයක් හෝටල් පරිශ්‍රය එළිමහනේ සිටීමට සිදුව ඇත.

නමුත් මෙම සිදුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ  ශ්‍රී ලංකා කණ්ඩායම දහවල් හෝටලයට පැමිණ ඇති අතර  ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පැමිණ තිබූ තවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් පරීක්ෂා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් පරීක්ෂා කිරීම ප්‍රමාද වී තිබෙන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව හෝටල් කළමනාකාරීත්වයට වාර්තා කිරීමෙන් පසු කෙටි කාලයක් තුළ ගැටලුව නිරාකරණය  කර ගැනීමට කටයුතු කළ බවයි එම නිවේදයේ දැක්වා ඇත්තේ.

මහීෂ් තීක්ෂණ සිය සමාජ මාධ්‍ය ගිණුමක ICC තරගාවලියක ජාතික කණ්ඩායමකට දක්වන මෙම සැලකිල්ල පිළිබව සඳහන් කර තිබුණා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?