Latestදේශීය

සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසයි

මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබෙන  සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ එහි කටයුතු ආරම්භ කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අද පැවැත්වුණා.

ඒ අදානි සමුහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී අනිල් සර්දානා මහතා සහ ව්‍යාපෘති නිලධාරීන් සමගයි.

අද පැවැත්වූ මෙම සාකච්ඡාවේදී 2024 වසරේ දෙසැම්බර් මස  මෙම ව්‍යාපෘති අවසන් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුතු මෙම යෝජිත සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටළු, අභියෝග සහ ඉදිකිරීම් කාලරාමුව පිළිබඳව ද අවධානය කළ බව ද සඳහන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?