Latestදේශීය

‌ජනතා බලය ජනතාව අභ්‍යාස කරන මහජන කවුන්සිලය

රට පුරා මහජන කවුන්සිලය බලගන්වමින් අරගලයේ අභිලාෂ ජයග්‍රහණය කිරීම සදහා කටයුතු කරන බව මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික වසන්ත මුදලිගේ මහතා පවසනවා. නැගෙනහිර, මඩකලපුව පැවති මහජන කවුන්සිල පිහිටුවීම පිළිබදව දැනුවත් කිරීම සදහා සංවිධානය කර තිබුනු මාධ්‍ය හමුව අමතමින් ඔහු මෙම අදහස් පලකළා.

ගෝල්ෆේස් අරගලයෙන් මතුවූ ජනතාවගේ අදහස් මතින් යුක්තිසහගත සමාජයක් නිර්මාණය කරනවා වෙනුවට පාලකයින් නැවත වටයකින් ජනතාව නොමග යවමින් ජනතාව පීඩාවට පත්කරමින් පරණ සෙල්ලමම අළුත් විදියට කරන්න උත්සාහ කරන බව පැවසූ මුදලිගේ මහතා මෙම ජනතා ද්‍රෝහී පාලන ක්‍රමය පෙරලා දමා ජනතාව සෘජුව බද්ධ වූ නව පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට ඇති එකම වැඩපිළිවෙල මහජන කවුන්සිල් හරහා ක්‍රියාත්මක වෙමින් පවතින බව ද වැඩිදුරටත් පැවසුවා.

ඉතා සාර්ථක ලෙස ව්‍යාප්ත වෙමින් පවතින මහජන කවුන්සිලයේ වැඩපිළිවෙලට බියවී ආන්ඩුව වෙනත් වටයකින් මර්ධනය කැදවන්න උත්සාහ කළ ද ජනතා බලය හමුවේ ආන්ඩුවේ බලය නිෂ්චිතවම පරාජයට පත් කරන බව මුදලිගේ මහතා වැඩිදුරටත් පැවසුවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?