Latestදේශීය

තැපෑල රටේ ආර්ථිකයට බරක් නොකළ යුතුයි

රටේ ආර්ථිකයට බරක් නොවන අයුරින් තැපැල් දෙපාර්තමේන්තුව ඉදිරියට පවත්වාගෙන යන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) කොළඹ මුද්දර දැක්ම හා මුද්දර අලෙවි පොල විවෘත කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එළඹෙන ඔක්තොම්බර් 09 වන දිනට යෙදී තිබෙන ලෝක තැපැල් දිනය වන විට , තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉහළ නංවා ගැනීමේ වැඩපිළිවෙළක් ඇති බවයි.ඒ සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රිියාත්මක බවද හෙතෙම පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

තැපැල් දෙපාර්තමේන්තුව රටේ විශාල කාර්යභාරයක් කරන ආයතයක්. දීර්ග ඉතිහාසයක් තිබෙන දෙපාරත්මේන්තුවක්. අපට විශාල අභියෝගයක් තිබෙනවා රටේ ආර්ථිකයට බරක් ‌නොවෙන ආකාරයට තැපැල් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාමට. ආදායම් වියදම් පරතරය අඩු කර ගැනීමට.

මෙම මුද්දර අලෙවි පොළ 2023.06.15 සිට 18 වනදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ තැපැල් මූලස්ථානයේදී පැවැත් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?