Latestදේශීය

ඔන්ලයින් ක්‍රමය සමග විදෙස් ගමන් බලපත්‍ර ලබාගන්න ඉල්ලුම වැඩිවෙයි

මාර්ගගත ක්‍රමය හඳුන්වාදීම සමග විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට සැලකිය යුතු පිරිසක් ඉල්ලුම් කර තිබෙනවා.

 විදෙස් ගමන් බලපත්‍ර සදහා එම ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් පත්‍ර 3,265ක් යොමුකර ඇති බවයි  ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ.

පසුගිය 15 වනදා සිට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා.

මාර්ගගත ක්‍රමය පිළිබදව ඇති වන ගැටලු සඳහා දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකතන අංකය වන 1962 ඔස්සේ තොරතුරු ලබාගත හැකි බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුටරටත් පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?