Latestදේශීය

හමුදා නිලධාරීන් රැගත් වෑන් රථයක් අනතුරකට

කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වු යුද හමුදා නිලධාරීන් රැගත් වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අද (20) අලුයම නිට්ටඹුව පොලිස් වසමේ කොළඹ – මහනුවර මාර්ගයේ රඳාවඩුන්න ප්‍රදේශයේ දී සිදුවු මෙම රිය අනතුරින් යුද හමුදා සෙබළුන් 5දෙනෙක් තුවාල ලබා තිබෙන බව සඳහන්.

පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් රාජකාරි කටයුත්තක් සඳහා ගිරිතලේ කඳවුරට යමින් සිටිය දීමෙම  අනතුර සිදුව ඇත.

එහිදී අදාළ හමුදා වෑන් රථයේ යුද හමුදා නිලධාරීන් 6දෙනෙක් සිට ඇති අතර ඉන් 5දෙනෙක් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 ඉන් එක් නිලධාරියෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව පොලීසිය පවසනවා.

මෙම අනතුරට මුහුණ පෑ නිලධාරීන් අතරින් යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙක්, සැරයන්වරයෙක් හා කෝප්‍රල්වරුන් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මේ වනවිට බවුසර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර  නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?