Latestදේශීය

දුප්පතුන්ට රුපියල් 90000යි ‌ජාවාරම්කරුවන් කෝටි 90000යි

රනිල් වික්‍රමසිංහ විසින් හඳුන්වා දෙන “අස්වැසුම” නම් සුබසාධන යෝජනා ක්‍රමය යටතේ දුගී පවුලකට වසරකදී රුපියල් 90,435ක ආධාරයක් ලැබෙන අතර දේශපාලඥයන්ගේ ගජ මිතුරු ජාවාරම්කරුවන්ට පසුගිය 2022 වසරේදිඅය කර ගත යුතු රුපියල් කෝටි 90,400ක බදු මුදලක් නොගෙවා පොලු තැබීමට ඉඩ දී ඇත.

ජූලි පළවෙනිදා සිට අස්වැසුම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් පවුල් ලක්ෂ 23කට එයින් ප්‍රතිලාභ ලබා දෙන බවත් ආණ්ඩුව ප්‍රචාරය කර ඇත. මේ සඳහා වැය වන ඇස්තමේන්තු ගත වියදම වසරකට රුපියල් කෝටි 20,800කි. මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තා අනුව හෙළිවී තිබෙන්නේ ජාවාරම්කරුවන් විසින් වසර ගණනාවක් තිස්සේ අය කර ගත හැකිව තිබෙන බදු මුදල් නොගෙවා ඇති බව ය. එහි උච්ඡතම අවස්ථාව පසුගිය වසරේදී බදු නොගෙවා පැහැර හැරීම රුපියල් කෝටි 90,400ක් දක්වා ඉහල ගොස් තිබේ.

පසුගිය වසර කිහිපයේදී මෙන් ම 2022 වසරේදී ද මෙම මුදල් අය කර ගැනීම සඳහා අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් හෙළිකර තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?