Latestදේශීය

වෛද්‍ය හිඟය වේගයෙන් ඉහළට – සෞඛ්‍ය අර්බුදය තවත් තීව්‍රවෙයි

(අජන්ත කුමාර අගලකඩ)

වයස අවුරුදු 60 සම්පූර්ණ කළ වෛද්‍යවරුන් විශාල පිරිසක් මේ මස අග දී එකවර විශ්‍රාම යාමත්,ඖෂධ හිඟය සහ ඖෂධ ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් ප්‍රතිපාදන නොලැබීමත් යන කාරණා මත,රජයේ රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

වෛද්‍යවරුන්ට සේවය කළ හැකි වයස් සීමාව අවුරුදු 60 කට සීමා කිරීම හේතුවෙන්,විශේෂඥ වෛද්යවරුන් දෙසීයක පමණ පිරිසක් ද,සාමාන්‍ය වෛද්‍යවරුන් දෙසිය පමණ පිරිසක් ද,රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් 250ක පමණ පිරිසක් සහ දන්ත වෛද්‍යවරුන් 50 ක පමණ පිරිසක් ද,මේ මස 30 වැනි දා විශ්‍රාම යාමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

ප්‍රාදේශීය රෝහල්වල ලියාපදිංචි වෛද්‍යවරුන් 650 ක පමණ පිරිසක් සේවය කරන අතර , ඔවුන්ගෙන් තුන්සිය පනස් දෙනකු පමණ මේ මස 30 වැනිදා විශ්‍රාම යාම හේතුවෙන්,එම රෝහල් පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි එම රෝහල්වල වෛද්‍යවරු සඳහන් කරති.

වෛද්‍යවරුන්ට සේවය කළ හැකි වයස් සීමාව,අවුරුදු 63 දක්වා දීර්ඝ කරමින් මීට පෙර චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබූ අතර,රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත ,පසුව එම චක්‍රලේඛය අවලංගු කළේය

නව චක්‍රලේඛය අවලංගු කර,අවුරුදු 63 දක්වා වැඩි කිරීමේ චක්‍රලේඛය නැවත බලගන්වන්නැයි ඉල්ලා විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ,දන්ත වෛද්‍යවරුන් හා රජයේ ලියාපදිංචි පියවරුන් පිරිසක් අධිකරණයට ගොස් ඇති අතර,එයමේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතී.8

මේ අතර ,සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1400 දෙනෙකුට පමණ ඉකුත් අප්‍රේල් මාසයේ දී පශ්චාත් සීමාවාසික පත්වීම් පිරිනැමු අතර , වෛද්‍යවරුන් 300 දෙනකු පමණ පත්වීම් ලිපි ලබා ගෙන නැති බව ද දැනගන්නට ඇත.

එසේ පත්වීම බාර නොගත් වැඩි පිරිසක් විදේශගත වී ඇතැයිද දැනගන්නට තිබේ. මේ අතර,රටපුරා රෝහල්වල ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින අතර, දැඩි පීඩාවට පත්ව සිටිති . ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය හේතුවෙන්,,ඔහු හරිම වෙනස් හදින් සැත්කම් පවා නතර කර ඇතැයි රෝගීහු පවසති. වෛද්‍යවරුන්ගේ හිඟය සහ ඖෂධ හිඟය සම්බන්ධයෙන්,සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ,වෛද්‍යවරුන්ගේ හිඟයත් , අත්‍යවශ ඖෂධ හිඟයක් රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමට බරපතළ ගැටලුවක් වී ඇති බවය.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?