Uncategorizedදේශීය

‘එයිටි ක්ලබ්’ විවෘත කෙරේ

රුපියල් මිලියන 411ක වියදමින් නවීකරණය කළ 80 ක්ලබ් ආයතනය විවෘත කෙරේ

පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාපයක් ලෙස සංර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

සභාපතිවරයා පවසන්නේ මේ වනවිට එවැනි වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි 35-40ත් අතර සංඛ්‍යාවක් කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලින් හඳුනාගෙන ඇති බවයි.

එවැනි ඉඩම් සංවර්ධන කටයුතු සදහා දිගුකාලීන බදු පදනම යටතේ ආයෝජකයන්ට බැහැර කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බව සභාපතිවරයා සඳහන් කරයි. එම ඉඩම් හා ගොඩනැගිලි සංවර්ධනය කිරීමේදී පෞරාණිකත්වයට කිසිදු හානියක් නොවන පරිදි ඒවා සංවර්ධනය කිරීම අනිවාර්ය බවද ඔහු පෙන්වා දෙයි.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා මේ බව කියා සිටියේ, කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 CLUB) ආයතනය මහජනතාව වෙනුවෙන් විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමිණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *