Latestදේශීය

විදුලි සෝපානය  කඩා වැටී  අමාත්‍යවරයා ජීවිතක්ෂයට

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන වෛද්‍ය පී.එම්.බී සිරිල් මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා ඔහුගේ නිවසේ තුන්වැනි මහළට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය  කඩා වැටී බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි එ මහතා  එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වර්තා වන්නේ.

මියයන විට ඒ මහතා 89 හැවිරිදි වියේ පසුවිය

අනතුරින් තුවාල ලැබු සිරිල් මහතාගේ රියදුරුවරයා ද බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන  බවද  සඳහන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?