Latestදේශීය

ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් සමාජ පිපිරීමක් සිදුවීමට නියමිතයි

මෙම තිස්වෙනිදා වන විට රට තුළ දේශීය ණය ප්‍රතිව්‍යුගත කොට අවසන් කළ යුතු බවත් එම ප්රතිව්යුහගත කිරීමෙන් රට තුළ ආර්ථික බිඳවැටීමක් මෙන්ම සමාජ පිපිරීමක් සිදු වීමට නියමිත බව ජාතික ජන බලවේගයෙ විධායක කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා පවසයි.

නව රෙගුලාසි හරහා මෙරට බැංකුවල ඇති ජනතාවගේ මුදල් වලට සුද්දයක් දැමීමට සූදානමින් සිටින බවද ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ග හරහා සමස්ථ බැංකු පද්ධතියම බිඳ වැටෙන බව ද හෙතෙම කියා සිටී.

දින පහක් බැංකු නිවාඩු ලබාදී දේශීය බැංකුවලින් රජයේ ලබාගෙන ඇති ණය මුදල්වලින් පොලිය කප්පාදු කිරීමක් හෝ එම ණය මුදල් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් කප්පාදු කිරීමක සැලසුමක් පවතින බව පෙන්වා සමරසිංහ මහතා එම ණය කප්පාදුව තුළින් සමස්ථ රටේ බැංකු පද්ධතියම කඩා වැටෙන බවත් කියා සිටී.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?