Latestදේශීය

රනිල් නිසා අපි නැගිට්ටා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ ක්‍රමානුකූල මාර්ග සිතියම නිසා බංකොලොත් වූ ආසියානු රටවල් අතුරින් වේගයෙන් නැගීසිටීමට ශ්‍රී ලංකාවට හැකි වු බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ ඊයේ (01)පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.


මුදල් අමාත්‍යංශය සහ මහ බැංකු අධිපතිවරයා මේ සම්බන්ධව විශාල කැපකිරීමක් කරමින් කටයුතු කළ බවත්,දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සඳහා කැප වූ සියළු නිලධාරින්ට ස්තුතිය පුද කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

අද ‌‌ ‌ෙඒතිහාසික දවසක්. අපේ රටේ ප්‍රථම වතාවට මේ වගේ ණය ප්‍රතිව්‍යහුගතකරණයක් කරන්නේ. ආසියානු රටවල් 03ක් මේ විදියට ණය ගෙවා ගැනීමට නොහැකි රටවල් බවට පත් වුණා.බුරුමය, ඉන්දුනිසියාව සහ ශ්‍රී ලංකාව.ග්‍රීසිය කාඩා වැටුණත් වසර 13ක් ගියා නැවත නැගිටින්න. ඔවුන් තුන් වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා.නමුත් අපේ රට වේගයෙන් නැගිට්ටා.ජනාධිතිවරයා මේ සඳහා ක්‍රමානුකූල මාර්ග සිතියමක් හැදුවා.

ආර්ථිකය කඩා වැටීම ගැන අනිත් පාර්ශව වලට අැඟිල්ල දිගු කරන්න අපට පුළුවන්. නමුත් කාටවත් අපි නෙමේ කියනවට වඩා ඒහා ගිය වගකීමක් සෑම මන්ත්‍රීවරයෙකුටම තිබෙනවා. නිදහසෙන් පසු මෙරට රාජ්‍ය සේවකයින් ගණන 76,000යි. ජනගහණයෙන් 106 දෙනෙකුට ඒක් රාජ්‍ය සේවකයා බැගින් හිටියා. නමුත් අද රාජ්‍ය සේවකයන් ලක්ෂ 14ක් ඉන්නවා. ඒක් පුද්ගලයෙකුට 16 දෙනකු බැගින් රාජ්‍ය සේවකයින් ඉන්නවා. සෑම ජනගහණයෙන් 98,000කටම ඒක් පාර්ලිමේන්තු නියෝජිතයෙක් බැගින් ඉන්නවා. අදායම් වියදම් පරතරය වැඩි වූ නිසා මේ විදයට අර්බුදයකට අපට මුහුණ දෙන්න සිදු වුණා. අපි මේ වගකීම හරියාකාරව තේරුම් ගත යුතුයි. අද අපි බිලිය 83ක් ණයයි. දේශිය ණය බිලියන 42ක් සහ විදේශීය ණය බිලියන 41ක්.

සේවක අර්ථ සාධක අරමුදල හංගල තියෙනවා කියලා ඇ.තැම් මන්ත්‍රීවරු කියනවා . මෙහි කිසි දෙයක් සගවලා නැහැ. පියවරෙන් පියවර පැහැදිළි කර තිබෙනවා. මුදල් කාරක සභාවෙදි කැබිනට් ඒකේදි මේ ගැන කියලා තිබෙනවා.

ඇතැම් අය කියනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා නැහැ කියලා. IMF ණයප්‍රතිව්‍යුහගත කරන්න කියලා නැහැ. . නමුත් IMF අපිට කියලා තිබෙනවා 2035 වන විට ණය බර අඩු කරන්න කියලා. දළ මූල්‍යමය අවස්ථාවේ වටිනාකම අඩු කිරීමට, විදෙස් ණය සේවාකරණය අඩු කිරීමට කියා තිබෙනවා. මෙම ප්‍රධාන කාරණා තුන මත ඉඳල තමයි මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව මෙම තීන්දු තීරණ වලට යන්නේ. මෙය කළේ නැත්නම් IMF වැඩසටහනින් අපි ඉවත් වෙනවා.මෙයින් තොර වෙන විකල්පයක් නැහැ.

අපි මේ සම්බන්ධව ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඒ් සම්බන්ධව කැපවුණු සියළුම නිලධාරින්ට ශාන්ත බණ්ඩාර අමාත්‍යවරයා සිය ස්තුතියද පුද කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?