Latestදේශීය

උසස් පෙළ හැදෑරූ සිසුන්ට පොලී රහිත ණය

රජයේ අනුමත පුද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිය හැදෑරීම සඳහා පොලී රහිත ණය ලබා ගැනීමට උසස් පෙළ හැදෑරූ සිසුන්ට අද (04) සිට අයදුම්පත් යොමුකිරීමට අවස්ථාව ලබා සී තිබෙනවා.ඒ අනුව 2019, 2020 සහ 2021 වසරවලදී උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඒ සඳහා ඉල්ලුම්පත් යොමුකළ හැකි බවයි සදහන් වන්නේ..

වැඩිදුර තොරතුරු දැනගැනීමට සහ අයදුම්පත් යොමුකිරීමට www.studentloans.mohe.gov.lk යන වෙබ් අඩවියට පිවිසිය හැකියි. අගෝස්තු 07 වන දින දක්වා අයදුම්පත් යොමුකළ හැකි අතර එකවර විෂයන් තුනකින් සමත්ව තිබීම, සාමාන්‍ය දැනුම ප්‍රශ්න පත්‍රය සඳහා අවම ලකුණු 30ක් ලබාගැනීම සහ උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසී විෂයට සාමාර්ථයක් ලබා තිබීම අවම සුදුසුකම් බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

මෙම ණය මුදල් ලබාදීමට ගෙවීම සඳහා වසර 07ක හෝ 08ක කාලයක් ලබාදීමට නියමිතයි.උපරිම ලක්ෂ 08ක මුදලක් ණය වශයෙන් ලබාගත හැකි අතර ඒ සඳහා වන පොලිය රජය මඟින් දැරීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.අනුමත විශ්වවිද්‍යාලවලින් වසර 03 හෝ වසර 04 උපාධි පාඨමාලා හැදැරිය හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන අතර සිසුන් 5,000ක් සඳහා මේ සදහා තෝරා ගැනීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?