Latestදේශීය

” Air China”යළිත් එයි

ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු නැවතත්, චීන ගුවන් සේවයක් වන ” Air China” ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ගුවන් යානය ඊයේ (03) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙතින් මෙරටට පැමිණ තිබෙන බව වාර්තා වේ.මෙලෙස ” Air China” ගුවන් යානයක් පැමිණායේ වසර තුනකට පසුයි.

ඊයේ එලෙස පැමිණි ප්‍රථම ගුවන් යානය සඳහා ඒ – 320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට එම ගුවන් යානය 142 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 දෙනෙකු ද සමග පැමිණි බව සදහන්.

” Air China” ගුවන් සේවය සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල චීනයේ චෙන්ඩු නුවර සිට රාත්‍රී 08.55ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර යළිත් එම ගුවන් යානා එදිනම රාත්‍රී 10.15ට කටුනායක සිට චීනයේ චෙන්ඩු බලා පිටත්ව යාමට නියමිත අතර මෙම ප්‍රථම ගුවන් යානය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන්ග්, චීන ජාතික ගුවන් සේවයේ ආසියා ෆැසිපික් කලාපීය කළමනාකරු ෂූයි ජුන් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?