Latestදේශීය

පොහොට්ටු ලොක්කන්ගේ පවුල්වලට රනිල්ගෙන් වරප්‍රසාද

ඇමැති ධුර බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සම්බන්ධීකරණ ලේකම් තනතුරු ඇතුළු විවිධ තනතුරු, වාහන සහ වෙනත් වරප්‍රසාද ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ පවුල්වල සාමාජිකයන්ට එවැනි තනතුරු සහ වාහන දැනටමත් පිරිනමා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

අලුතින් ඇමැති ධුර ලබාදීම ප්‍රමාද වෙමින් තිඛෙන තත්වයක් යටතේ. එම මන්ත්‍රීවරු කිසියම් ආකාරයකට සැනසීම සහ ඔවුන් රජයට එරෙහිව කටයුතු කිරීම වැළැක්වීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස තනතුරු සහ විවිධ වරප්‍රසාද ලැබෙන බව පැවසෙන්නේ ඇමැති ධුර බලාපොරොත්තුවෙන් සිටින පොහොට්ටු මන්ත්‍රීවරයකුගේ පවුලේ එක් සාමාජිකයකුට බැගින්ය.

කෙසේ වෙතත් සමහර මන්ත්‍රීවරු ඇමැති ධුර මිස වෙනත් වරප්‍රසාද ලබා ගැනීමට කැමැත්තක් නොදක්වන තත්වයක් පවතින බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු තවත් දස දෙනකුට ඇමැති ධුර ලබා දෙන ලෙස එම පක්ෂය ජනාධිපතිගෙන් කලක් තිස්සේ ඉල්ලීම් කරමින් සිටින බවද පැවසේ. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විවිධ හේතු ඉදිරිපත් කරමින් ඇමැති ධුර ලබාදීම ප්‍රමාද කිරීම නිසා එම මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව විවිධ චෝදනා එල්ල වෙමින් පවතී. එසේම තීරණාත්මක පනත්වලදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවටද ඇතැමෙක් අනතුරු ඇඟවීම් කරති.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?