Latestදේශීය

ජන හා නිවාස සංගණනයක්

2023 – 2024 වර්ෂවලදී මෙරට ජන හා නිවාස සංගණනයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙරට 15 වන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල්දැමීමට රජය පියවර ගනු ලැබුවා.

සාමාන්‍යයෙන් සෑම දස වසරකට වරක්ම ජන හා නිවාස සංගණනයක්  සිදුකරන අතර මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනය 1871 වසරේදී සිදුකර තිබෙනවා.

 අවසන් වරට ජන හා නිවාස සංගණනයක් පවත්වා ඇත්තේ 2012 වසරේදී යි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?